14th October 2023 17:31:00 පැය
මුලතිව් ප්‍රදේශයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් මුලතිව් විධායක නිලධාරීන්ගේ සංගමයේ ප්‍රථම නිල රැස්වීම පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 05) දින 591 පාබල බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.
14th October 2023 17:26:55 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයට අයත් 242 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 21) දින සංගමන්ග්‍රාමම් සිට විනයාගපුරම් දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
14th October 2023 17:19:30 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 232 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින සිසු සිසුවියන් වෙනුවෙන් 2023 ඔක්තෝබර් මස 07 සහ 08 දෙදින තුළ සම්මන්ත්‍රණයක් පැවැත්වීය. 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ පැවති මෙම වැඩසටහන තිහිලිවෙඩ්ඩි රජයේ දමිළ මිශ්‍ර පාසල සහ කල්කුඩා එරලක්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයන්හිදී පැවැත්විණි.
12th October 2023 20:33:33 පැය
61 පාබල සේනාංකයට අයත් 1 ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායමක් විසින් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර සහන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් වැල්ලෙතොට ග්‍රාම නිලධාරී වසම යටතේ පිහිටි උඩුව, කොට්ටවත්ත ප්‍රදේශයේ විපතට පත් පවුල් 350 කට, ගලබොඩ ග්‍රාමයේ පවුල් 400 කට, අත්තුඩාව ග්‍රාමයේ පවුල් 270 ක්, දළුගොඩ ප්‍රදේශයේ පවුල් 320 ක් සහ නාරංගල පහළ විටියල සහ කරගොඩ ප්‍රදේශවල පදිංචි පවුල් 270 ක් වෙත 2023 ඔක්තෝබර් මස 10 සහ 11 දෙදින තුළ වෛද්‍ය ආධාර පිරිනැමීය.
12th October 2023 20:24:27 පැය
22 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 32 ක් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (2023 ඔක්තෝබර් මස 06) දින කල්ලාර් ප්‍රදේශයේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ ‘සහන සෙවණ’ පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි.
12th October 2023 20:01:28 පැය
කොළඹ රාජකීය විද්‍යාලීය රතු කුරුස සංගමය විසින් 2023 ඔක්තෝබර් මස 08 දින පදවිය රෝහල් පරිශ්‍රය තුළ ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා 21 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 211 පාබල බලසේනාවේ භටපිරිස් සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.
12th October 2023 19:55:23 පැය
අර්බුදකාරී අවස්ථාවල ජාතිය වෙනුවෙන් සේවය කිරීමට යුද්ධ හමුදාවේ නොපසුබස්නා කැපවීම පෙන්නුම් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූවන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, පිසූ ආහාර බෙදාදීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
11th October 2023 18:52:54 පැය
සහන සේවාවල නිරතව සිටින 61 පාබල සේනාංකයේ භටපිරිස් අත්තුඩාව, නරිදූව, නායිම්බල සහ තිහාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අයහපත් කාලගුණික තත්ත්වයන් සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අවතැන්ව සිටින පුද්ගලයන් වෙත පීසූ ආහාර ලබාදීමේ වැඩසටහනක් පසුගිය පැය 48 තුළදී ද අඛණ්ඩව සිදුකරනු ලැබීය.
09th October 2023 22:05:51 පැය
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත පාසල් ළමුන් සහ සිවිල් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සහ එහි අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝම්බර් මස 05) දින වාකරේ මහා විද්‍යාලයේදී පවත්වන ලදී.
09th October 2023 21:50:34 පැය
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට අනුව කොට්ඨාෂ 15 යටතේ සේවයේ නියුතු 141 පාබල බලසේනාවේ භටපිරිස් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 06) දින ගණේමුල්ල, හොරගොල්ල උතුර ග්‍රාම නිලධාරී වසමේ නිවසක් මතට කඩා වැටීමේ අවදානමින් පැවති ගස් කිහිපයක් කපා ඉවත්කිරීමට කටයුතු කරනු ලැබීය.