12th October 2023 20:01:28 Hours
කොළඹ රාජකීය විද්‍යාලීය රතු කුරුස සංගමය විසින් 2023 ඔක්තෝබර් මස 08 දින පදවිය රෝහල් පරිශ්‍රය තුළ ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා 21 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 211 පාබල බලසේනාවේ භටපිරිස් සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ උපදෙස් මත 211 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය දැක්වූහ.
කොළඹ රාජකීය විද්‍යාලීය රතු කුරුස සංගමය වෙතින් පැවැත්වූ 44 වන වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරිණි. ඒ සඳහා 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන්. කඳනආආරච්චි ආර්එස්පී සහ 211 පාබල බලසේනාව, 9 ගජබා රෙජිමේන්තුව, 5 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුව, බලඇණි පුහුණු පාසල නියෝජනය කරමින් සාමාජිකයන් 81 දෙනෙක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා බලඝණයේ සාමාජිකයන් 330 දෙනෙකු දායකත්වය දැක්වූහ.
මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් පදවිය රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් සහ වෛද්‍ය සහායකයින් ඇතුළු වෛද්‍ය කාර්යමණ්ඩලයේ සහයෝගය හිමිවූහ.