2025-06-04 17:45:36
15 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ සාමාජිකයන් 2025 මැයි මස 28 දින නැකෝරා ප්‍රදේශයේ ස්ථාපිත ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ පැවති ‘ජාත්‍යන්තර සංස්කෘතික උළෙල 2025’ සඳහා සහභාගි විය.
2025-05-27 08:33:42
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා නිලධාරින් විසින් දෙවන කාර්තුව සඳහා ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ...
2025-05-18 07:18:18
දකුණු සුඩානයේ බෝර් හි පිහිටි SRIMED දෙවන මට්ටමේ රෝහල 2025 මැයි 12 දින වෙසක් පොහොය දිනය සමරනු ලැබීය.
2025-05-17 19:06:47
15 වන ශ්‍රී ලංකා හමුදා අරක්ෂක භට කණ්ඩායමේ කාර්තුමය ඇගයීම ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා ඇගයීම් මණ්ඩලය විසින් 2025 මැයි මස 09 දින ශ්‍රී කඳවුරු පිරිශ්‍රයේදී සිදුකරන ලදී. එහිදී මෙහෙයුමේ කාර්ය සාධනය, සම්පත් භාවිතය, ප්‍රතිපත්තිමය කාර්යක්ෂමතාව, කළමනාකරණ සහ ව්‍යුහාත්මක අංශ කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය.
2025-05-16 10:24:45
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන මෙහෙයුම් අණදෙන නිලධාරි (UNMISS) ලුතිනන් ජෙනරල් මොහාන් සුබ්‍රමනියන් PVSM AVSM SM VSM 2025 මැයි මස 01 දින දකුණු සුඩානයේ SRIMED දෙවන මට්ටමේ රෝහලේ නිල සංචාරයක නිරතවිය..
2025-05-16 10:22:24
දකුණු සුඩානයේ, බෝර් හි පිහිටි දෙවන මට්ටමේ රෝහලේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමේ මූලිකත්වයෙන් 2025 මැයි මස 2 දින සමූහ අනතුරු සිදුවීම් කළමනාකරණය පිළිබඳ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයක් පවත්වන ලදී.
2025-02-17 15:46:30
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය (UNIFIL) යටතේ සේවයේ නියුතු 15 වන ශ්‍රී ලංකා හමුදා ආරක්ෂක භට කණ්ඩායම වෙනුවෙන් පදක්කම් ප්‍රධානෝත්සවය 2025 පෙබරවාරි මස 11 දින ලෙබනනය, නකූරා ප්‍රදේශයේ ස්ථාපිත එම මූලස්ථානයේදී පැවැත්විණි.
2025-02-17 13:51:40
මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc, ගේ නායකත්වයෙන් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP සහ බ්‍රිගේඩියර් එස්.ඒ හෙට්ටිගේ RSP psc ගෙන් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජිත පිරිසක් 2025 පෙබරවාරි මස 10 දින ලෙබනනයේ, නකූරා ප්‍රදේශයේ ස්ථාපිත එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරිතුමන් හමුවූහ.
2025-02-13 13:54:06
දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා 11 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම...
2025-02-12 11:18:37
දකුණු සුඩානයේ, බෝර් හි දෙවන මට්ටමේ රෝහලේ සේවයේ නියුතුව සිටි නිලධාරින් 9 දෙනෙකු සහ සෙසුනිලයන් 42 දෙනෙකුගෙන් සමන්විත 10 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම වසරක කාලසීමාවක සිය රාජකාරි නිමාවෙන් පසුව 2025 පෙබරවාරි මස 11 දින ශ්‍රී ලංකාවට පැමිණියහ. තවත් නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිලයන් 05 දෙනෙකු දකුණු සුඩානයේ සේවයේ නිරතව සිටින අතර ඔවුන් ද නුදුරේදී මෙරටට පැමිණීමට නියමිතව ඇත.