11th October 2023 18:52:54 Hours
සහන සේවාවල නිරතව සිටින 61 පාබල සේනාංකයේ භටපිරිස් අත්තුඩාව, නරිදූව, නායිම්බල සහ තිහාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අයහපත් කාලගුණික තත්ත්වයන් සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අවතැන්ව සිටින පුද්ගලයන් වෙත පීසූ ආහාර ලබාදීමේ වැඩසටහනක් පසුගිය පැය 48 තුළදී ද අඛණ්ඩව සිදුකරනු ලැබීය.
613 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් යුද්ධ හමුදා බෝට්ටු සහ යුද්ධ හමුදා රථවාහන යොදාගනිමින් තිහාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අවතැන්ව සිටින ගම්වාසීන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයනු ලැබීය. එමෙන්ම, 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විපතට පත් ප්‍රජාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර බෙදාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලැබීය.
ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය (පාර්ලිමේන්තු මන්ත්‍රී) කාංචන් විජේසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 7) දින පැවති ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සම්මන්ත්‍රණය සඳහා 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහභාගී විය. එහිදී, මාතර දිස්ත්‍රික්කයේ විපතට පත් ප්‍රදේශවල වත්මන් ආපදා තත්ත්වය, සහන සැලසීමේ ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.