15th June 2025 10:31:33 පැය
593 පාබල බලසේනාවේ බලසේනාධිපති ගේ මඟපෙන්වීම මත 6 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 12 දින සුගන්දිපුරම් ග්‍රාම නිලධාරි කාර්යාලයේ පැවති උත්සවයකදී මුලතිව්, සුගන්දිපුරම් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් පොල් පැළ 150 ක් බෙදාදෙනු ලැබීය.
14th June 2025 18:10:05 පැය
1 බලකාය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 ජුනි මස 11 දින කිලිනොච්චියේ පිහිටි තිරුවල්ලුවර් විද්‍යාල පරිශ්‍රයේදී අඩු ආදායම්ලාභී පවුල්වල දුවා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
14th June 2025 18:04:18 පැය
ලෝලුවාගොඩ ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ නව නිවසක් 2025 ජුනි මස 10 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙන ලදී.
13th June 2025 19:01:12 පැය
1 වන විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස්වල ශ්‍රම දායකත්වය සහ එස්.ඒ ඉෂාන් පෙරේරා මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත හංවැල්ල, කළුඅග්ගල ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2025 ජුනි මස 11 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.
12th June 2025 08:26:39 පැය
2025 ජුනි මස 10 දින කූරගල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත් වීමට 18 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ. එහිදී ගින්න මැඩපැවැත්වීමට සහ අවට ප්‍රදේශවලට එය පැතිරීම වැළැක්වීමට භටපිරිස් හට හැකි විය.
12th June 2025 08:25:26 පැය
2025 ජුනි මස 10 දින බෙලිහුල්ඔය නන්පේරියල් මාර්ගයේ බේකර්ස් වංගුව අසල බෑවුමකින් පහලට වැටී සිටි පුද්ගලයින් පස් දෙනෙකු ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ 11 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් එක්ව සාර්ථකව බේරා ගන්නා ලදී.
09th June 2025 13:46:53 පැය
17 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 05 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
09th June 2025 13:30:40 පැය
54 පාබල සේනාංකය, අඩම්පන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ එක්ව ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමේ අරමුණින් මන්තායි (බටහිර), වෙල්ලන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසලේදී 2025 ජුනි 07 වන දින වෛද්‍ය සායනයක් පවත්වන ලදී. එහිදී අවට ගම්මානවලින් පැමිණි පවුල් 125 ක් වෙත වෛද්‍ය උපදේශන, අක්ෂි ප්‍රථිකාර, දන්ත ප්‍රතිකාර, මානසික සෞඛ්‍ය හා පෝෂණ උපදෙස් සහ රුධිර පරීක්ෂණ ඇතුළු සේවාවන් සපයන ලදී.
04th June 2025 12:02:54 පැය
එල්ටීටීඊ ත්රස්තවාදීන් විසින් වර්ෂ 1987 ජුනි මස 2 දින අම්පාර දිස්ත්‍රික්කයේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 33 නමක් සහ සිවිල් වැසියන් සිව් දෙනෙකු ඝාතනය කළ සිදුවීමේ 38 වන ගුණානුස්මරණය 2025 ජුනි මස 2 දින අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
04th June 2025 11:36:43 පැය
51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම සහ 512 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය මත එම බලසේනාව යටතේ ස්ථාපිත 17 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 02 දින යාපනය, අරියාලෙයි, පම්පුගර් ප්‍රදේශයේ ස්ථාපිත සන්මුගන් පෙර පාසල් පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.