14th October 2023 17:26:55 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයට අයත් 242 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 21) දින සංගමන්ග්‍රාමම් සිට විනයාගපුරම් දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාව, තිරුක්කෝවිල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ තිරුක්කෝවිල් ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත භටපිරිස් විසින් එම වෙරළ තීරයේ සියලුම දූෂක ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය එකලස් කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 242 පාබල බලසේනාවේ බලසේනාධිපති ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේ අධීක්‍ෂණ කටයුතු 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන් විසින් සිදුකරනු ලැබීය.