Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා දිවිපෙත

අනෙකුත් රැකියා අතරින් යුද්ධ හමුදාව සම්පූර්ණ වෙනස් වේ. ඔබත් සමඟ රාජකාරි කරනු ලබන අයවලුන් ඔබගේ මිතුරන් වන අතර, ඔවුන් ඔබගේ හොඳ සහායකයින් ද වේ. නිසි ආකාර පුහුණුවකින් අනතුරුව ඔබගේ දෛනික වැඩකටයුතු මෙන්ම විවිධ ක්‍රීඩාවල යෙදීමට අවකාශය හිමිවේ. එමෙන්ම නිදහස් සාමකාමී ජිවිතයක් ගතකිරිමට ඔබට අවස්ථාව හිමිවේ.

සෙබළකුගේ සාමාන්‍ය ජිවන රටාව ඉතා සුවිශේෂි වන අතර, ආහාර ගැනිම, විවේක ගැනිම, ආගමික වතාවත්වල යෙදීම ආදී දෛනික ජිවන කටයුතු ඉතා ක්‍රමානුකුලව සිදුවන අතර, එය සැබවින්ම ඔබට ඉතා පහසුවනු ඇත.

සිවිල් පුද්ගලයකුගේ ජිවිතය මෙන් නොව යුද්ධ හමුදා සමාජිකයකු අන්‍යෝන්‍ය සුහදතාවයෙන් සහ සහයෝගයෙන් යුතුව තම සේවා ස්ථානයේ සහ පවුල් සමාජිකයන් අතර මනා සබඳතාවයක් ඇතිව කටයුතු කිරිමට යුද්ධ හමුදා ජිවිතය තුළින් පන්නරයක් ලැබෙනු ඇත..

  සේවා ප්‍රතිලාභ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින්ගේ සහ සෙබළුන්ගේ චිත්ත ධෛර්යය සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින් සුබසාධනය සහ අර්ථසාධක ප්‍රතිලාභ වැඩිකිරීම සඳහා පහත දැක්වෙන සේවා සහ සුබසාධන වැඩපිළිවෙලවල් සංවිධානය කර ඇත.

  නොමිලේ ආහාර, නවාතැන්, නිල ඇඳුම් හා ප්‍රවාහන පහසුකම්

සියලු නිලධාරීන් සහ සෙබළුන් සඳහා ආහාර, නවාතැන්, නිල ඇඳුම් සහ රාජකාරියේ දී ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදේ.

  වෛද්‍ය සහ දන්ත වෛද්‍ය සේවා

සියලු සාමාජිකයින් සහ සිය පවුල්වල සාමාජිකයින් සඳහා වෛද්‍ය පහසුකම් ලබාගත හැක.

  ක්‍රීඩා

ඕනෑම ක්‍රීඩාවක් සඳහා අදාළ වු ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් යුද්ධ හමුදාව පුහුණුවන්නන් හට ප්‍රදානය කර ඇත.

  ණය පහසුකම්

සිය සේවා කාලය සම්පූර්ණ කිරිමෙන් අනතුරුව, රාජ්‍ය ණය ප්‍රතිලාභ ලබාගත හැකිවන අතර, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සමාජිකයින් සඳහා දිවයින පුරා පිහිටා ඇති යුද්ධ හමුදා නිවාඩු නිකේතන ආදී සහ අනෙකුත් පහසුකම් සඳහා වරප්‍රසාද හිමිවේ.

Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot