18th October 2023 21:37:46 පැය
දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන අඩු ආදායම්ලාභී පවුලක් සඳහා 643 පාබල බලසේනාවේ සහ 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව නව නිවසක් ඉදිකර පවරාදීම ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 13) දින පැවති උත්සවයකදී සිදු කරනු ලැබීය.
18th October 2023 21:33:24 පැය
74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 64 පාබල සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් 90 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මුලතිව් රෝහලේ රෝගීන් සඳහා රුධිර පරිත්‍යාග වැඩසටහනක් පසුගිය ඉරිදා (ඔක්තෝම්බර් මස 15) දින සංවිධානය කරන ලදී.
18th October 2023 21:27:21 පැය
61 පාබල සේනාංකයට අයත් 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ගංවතුර තත්ත්වය හේතුවෙන් දූෂණයට ලක්වූ ගල්බොඩ ප්‍රජා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 17) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
16th October 2023 22:27:19 පැය
යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස්හි සම්බන්ධීකරණය මත ඕස්ට්‍රේලියාවේ ‘Imagine Compassion International Ltd’ ආයතනය වෙතින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත උරුම්පිරායි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරනු ලැබීය. නිවාස අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් යුද්ධ හමුදාව වෙතින් ඉදිකරනු ලැබූ 771 වන නිවස ලෙස මෙම නව නිවස ඉදිකරදෙනු ලැබීය.
16th October 2023 22:21:40 පැය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි, ‘දෙරණ’ මාධ්‍ය ජාලය, පොල් සංවර්ධන මණ්ඩලය සහ Tropicoir Lanka පුද්ගලික සමාගම එ්කාබද්ධව උතුරු ප්‍රදේශයේ දෙවන ‘පොල් ත්‍රිකෝණය’ ස්ථාපිත කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි බලප්‍රදේශයේ පොල් පැළ 100,000 ක් වගාකිරීමේ ව්‍යාපෘතියක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 12) දින වවුනියාව, පම්පෙමඩු ප්‍රදේශයේ ආරම්භ කරන ලදී.
16th October 2023 22:16:16 පැය
බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද, මාකල්දෙණිය ප්‍රදේශයේ නායයාමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමෙන් අනතුරුව ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් එම ප්‍රදේශයේ වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 14) දින ප්‍රදේශවාසීන් 149 දෙනෙකු ගනේෂා දමිළ විද්‍යාලය වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබීය.
16th October 2023 22:01:46 පැය
රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් සතු නායකත්ව ගුණාංග සහ බාලදක්ෂ කුසලතාවයන්හි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ නිලධාරීන් 3 දෙනෙකු සහ සෙසුනිලයින් 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 5) දින රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී වැඩමුළුවක් පැවැත්වීය.
16th October 2023 22:00:32 පැය
74 වන යුද්ධ හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 10) දින වතුපිටිවල රජයේ රෝහල් පරිශ්‍රයේදී ‘ශ්‍රමදාන’ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
15th October 2023 22:56:56 පැය
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් හා 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 15) දින ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන සිසු සිසුවියන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසාදෙනු ලැබීය.
15th October 2023 22:22:30 පැය
හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 12 පාබල සේනාංක මූලස්ථානය වෙතින් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 12) දින හම්බන්තොට දිස්ත්‍රික් රෝහල සංවිධානය කරන ලද ‘තත්ත්ව කළමනාකරණය’ තේමාව ඔස්සේ පැවති තෙදින වැඩමුළුවක් සඳහා දේශන සහය ලබාදෙනු ලැබීය.