මුල් පුවත්

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), පසුගියදා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන පතොරම් සහ යුධෝපකරණ ගබඩා පහසුකම්වල දෙදින නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.


ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) 2025 ඔක්තෝබර් මස 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය. 76 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායික හමුදා උත්තමාචාරයක් ද පිරිනමනු ලැබීය.


ජාතික ශිෂ්‍ය භට බලකාය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව, 2025 සැප්තැම්බර් මස 25 දින රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේදී සමස්ත ලංකා පෙරදිග ශිෂ්‍ය භට සංගීත කණ්ඩායම් අභියෝගතා කුසලාන තරඟාවලිය සංවිධානය කරන ලදී. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.


ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපාති PVSM AVSM NM CNS ඇතුළු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ඉන්දීය නාවික හමුදාවේ කපිතාන් ආනන්ද් මුකුන්දන්, නාවික හමුදා ප්‍රධානීගේ මාණ්ඩලික නිලධාරි කපිතාන් අශ්වානි කේ හාන්ස්, නාවික හමුදා ප්‍රධානීගේ නාවික සහායක කපිතාන් ආදිත් පට්නායික්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි SM සහ කමාන්ඩර් නිතින් බාබු (Cdr – FC) යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් 2025 සැප්තැම්බර් මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා 2025 සැප්තැම්බර් මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලය විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන භඨකාර්ය සම්පාදන සම්මන්ත්‍රණය - 2025, රත්මලාන, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේදී 2025 සැප්තැම්බර් මස 10 දින පවත්වන ලදී. එහිදී, ත්‍රිකුණාමලය වරාය අනාගත භඨකාර්ය සම්පාදන මධ්‍යස්ථානයක් ලෙස පත්කිරීමේ විභවතාවය, ඒ සඳහා ඇති අභියෝගයන් සහ තිරසාර ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කිරීම යන තේමාවන් ඔත්සේ මෙම සම්මන්ත්‍රණය පවත්වන ලදී.


27 වන වාර්ෂික ඉන්දු-පැසිෆික් ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සමුළුව 2025 අගෝස්තු මස 25 දින සිට 28 දින දක්වා තායිලන්තයේදී පැවති අතර, ඒ සඳහා රටවල් 29 ක් නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් සහභාගි වූහ. මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.


නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), පසුගිය අගෝස්තු මස 29 දින සහ 30 දින කුරුණෑගල, පාන්ගොල්ලේ පිහිටි අභිමංසල - 3 සහ අනුරාධපුරයේ පිහිටි අභිමංසල - 1 රණවිරු සුවතා මධ්‍යස්ථානවල නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. මෙම සංචාර තුලින් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පවතින පුළුල් සුභසාධන දැක්ම පමණක් නොව, ආබාධිත රණවිරුවන්ගේ යහපැවැත්ම, රැකවරණය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම ද පිළිබිඹු විය.


දේශමාන්‍ය ජෙනරල් ඩෙනිස් පෙරේරා 11 වන අනුස්මරණ දේශන උත්සවය 2025 අගෝස්තු මස 11 දින ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.