06th November 2023 08:23:04 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ 223 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් තඹලගමුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම ප්‍රදේශයේ පවුලක් සඳහා නව නිවසක් ඉදිකර පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 03) දින පවරන ලදී.
04th November 2023 22:41:34 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ 231 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් 75 දෙනෙකු සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ සුභසාධන වැඩසටහනක් අරලගංවිල, ‘ප්‍රතිභා’ ශ්‍රවණාගාරයේදී බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 02) දින පවත්වන ලදී.
04th November 2023 22:38:37 පැය
හැටන්, ශාන්ත ගේබ්‍රියෙල් ජාතික බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම විද්‍යාලයේ විදුහල්පතිනී එච්.ඩබ්ලිව්.ඩී වීරතුංග මහත්මියගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 30) දින සහභාගී විය.
03rd November 2023 20:47:34 පැය
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර, 20 වන සංවත්සරට සමගාමීව භටපිරිස් මූලිකත්වයෙන් සහ පොළොන්නරුව රුධිර බැංකුවේ සහයෝගය ඇතිව රුධිරය දන්දීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 02) දින එම මූලස්ථානයේදී පවත්වන ලද අතර, ඒ සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් 100 දෙනෙකු සහභාගී වූහ.
02nd November 2023 20:59:06 පැය
61 පාබල සේනාංකයේ භටපිරිස් විසින් දකුණු පළාත් සභාව මගින් ගාල්ල නගර ශාලා පරිශ්‍රයේදී ඔක්තෝබර් මස 27 - 28 දිනයන්හිදී සංවිධානය කරන ලද ‘රුහුණු රස සරණිය’ ආහාර ප්‍රදර්ශණය සඳහා සිය දායකත්වය දක්වන ලදී.
02nd November 2023 20:52:18 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංක භටපිරිස් මූලිකත්වයෙන් වසර 4 කට පසුව අම්පාර, විලවාඩි විනයාකර් කෝවිලේ කුම්බාභිසේකම් උත්සවය එහි පූජකවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 01) දින පැවැත්වූහ.
02nd November 2023 20:50:04 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 521 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ජාතීන් අතර ආගමික සහජීවනය වැඩිදියුණු කිරීමේ අරමුණින්, පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 28) දින පුලෝලි, මුරුගන් හින්දු කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරනු ලැබීය.
30th October 2023 22:27:32 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ 542 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් සහ ‘මනුසත් දෙරණ’ අනුග්‍රාහකත්වය මත මන්නාරම දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් 623 කට අධික පිරිසක් සඳහා පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 28) දින වෛද්‍ය සායනයක් පවත්වනු ලැබීය.
30th October 2023 22:20:44 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු සාමාජිකයින් ‘ආර්ය පදනමේ’ සංවිධායකයින් සමඟ එ්කාබද්ධව යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් 800 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 28) දින ‘උදාරයි ඔබ රණවිරු ක්‍රියාන්විතය’ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
30th October 2023 22:10:09 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 232 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් තොප්පිගල ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන ජනතාවගේ අක්ෂි පරීක්ෂා කිරීමේ වෛද්‍ය සායනයක් පවත්වා අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙත ඇස් කණ්ණාඩි 150 ක් බෙදාදීමේ වැඩසටහනක් ඔක්තෝබර් මස 28 දින පුලිපංචිකාල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සංකීර්ණයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.