ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 වර්ෂයේදි ආරම්භ කිරීමත් සමගම යුද්ධ හමුදාව වෙත නිලධාරීන් සහ සොල්දාදුවන් බඳවාගෙන පුහුණු කිරිමේ අවශ්‍යතාවය පැන නැගුණු අතර, එම අවශ්‍යතාවය සපුරාලමින් වර්ෂ 1950 පෙබරවාරි මස 06 වන දින සොල්දාදුවන් පුහුණු කිරීම සඳහා පුහුණු ආයතනයක් දියතලාවේදී ස්ථාපනය කරන ලදි. නවතමයෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු ආයතනයේ ප්‍රථම ආධුනිකයන්ගේ විසිරයාමේ පෙළපාලිය වර්ෂ 1950 ජූනි මස 02 දින පැවත්වුණු අතර, මෙහිදී ආධුනික සෙබළුන් 114 දෙනෙකු විසිර යන ලදි. මෙලෙස ආරම්භ කරන ලද යුද්ධ හමුදා පුහුණු ආයතනය පසුව යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානය ලෙස නම් කරන ලදි. යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානය තුල යුද්ධ හමුදාවට අවශ්‍ය ආධුනික සෙබළුන් පුහුණු කිරීම සිදුකලද, කෙඩෙට් නිලධාරීන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් පරිදි නොතිබීම හේතුවෙන් කෙඩෙට් නිලධාරීන් පුහුණු කරවීම සඳහා එක්සත් රාජධානියේ යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙත යැවීමට සිදුවිය (RMA). ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සඳහා ප්‍රථමවරට කෙඩෙට් නිලධාරීන් බඳවාගැනීම 1949 ඔක්තෝබර් මස 10 වන දින සිදුකරන ලද අතර, එම කෙඩෙට් නිලධාරීන් පුහුණු කටයුතු සඳහා එක්සත් රාජධානියේ යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙත ඇතුලත් කරන ලදි.
එක්සත් රාජධානියේ යුද්ධ හමුදා විද්‍යාපීඨයට අමතරව, කෙඩෙට් නිලධාරින් පුහුණු කිරීම ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සහ පකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨය මගින් ද සිදුකරන ලදි. යුද්ධ හමුදාවේ ව්‍යාපෘතියත් සමගම කෙඩෙට් නිලධාරීන් විදේශ රටවල පුහුණු කිරීම ප්‍රමාණවත් නොවීම හේතුකොටගෙන ශ්‍රී ලංකාව තුල නිලධාරීන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලද අතර, එම සැලසුම්වල ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1968 අප්‍රේල් මස 16 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට කෙඩෙට් නිලධාරීන් පුහුණු කිරීම යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ කරන ලදි. මේ සමඟම කෙඩෙට් නිලධාරීන් දේශියව පුහුණු කිරිම ඉතා සාර්ථක ලෙස සිදුකරන ලද අතර, පුහුණුවෙන් පසු එම නිලධාරින් අධිකාරියට පත්කිරීම සිදුකරන ලදි. යුද්ධ හමුදාවේ ව්‍යාප්තියත් සමඟම ආධුනික සෙබලුන් පුහුණු කිරීමේ අවශ්‍යතාවය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වූ අතර, එම හේතුව මත රෙජිමේන්තු මට්ටමින් ආධුනිකයන් පුහුණු කිරිම ආරම්භ කරන ලදි. තවද එක් එක් රෙජිමේන්තු විසින් අවශ්‍ය ආධුනිකයින් පුහුණු කිරිම ආරම්භ කිරිමත් සමගම යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානය යුද්ධ හමුදා විද්‍යාපීඨය ලෙස නම් කෙරුණු අතර, යුද්ධ හමුදා විද්‍යාපිඨය යුද්ධ හමුදාවට අවශ්‍ය කෙඩෙට් නිලධාරින් පුහුණු කිරිම සඳහා පමණක් වෙන්කරන ලදි. මෙලෙස ආරම්භ කරන ලද යුද්ධ හමුදා විද්‍යාපිඨය තුල සෑම අවස්ථාවකදිම කෙඩෙට් නිලධාරින් 500 – 600 අතර ප්‍රමාණයක් වසර 02ක පුහුණු කාලසීමාවක් සඳහා ඇතුලත් කරගන්නා ලද අතර, එහිදී යුද්ධ හමුදා නිලධාරියෙකුට අවශ්‍ය නායකත්ව පුහුණුව, අවි පුහුණුව, යුද උපක්‍රම, යුද්ධ හමුදා නීතිය, යුද්ධ හමුදා ගිණුම් හා ශ්‍රාස්ත්‍රිය අධ්‍යයනය යන කේෂත්‍රයන් පිළිබදව පුහුණු කිරිමක් සිදුකරන ලදි. තවද කෙඩෙට් නිලධාරින්ගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම වර්ධනය කිරිම සඳහා පුහුණු කාලසීමාවෙන් මාස 06 ක කාලයක් ඉංග්‍රීසි විෂය පිළිබඳ අධ්‍යයනය සිදුකිරිමක්ද මෙහිදි සිදුකරනු ලබයි. යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානය වෙත ජනාධිපති වර්ණ සහ යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථාන වර්ණ ප්‍රදානය කිරිම 1972 වර්ෂයේ දි සිදුකරන ලද අතර, පසුව 1997 ජූනි මස 21 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපතිතුමිය වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණිය විසින් නැවත වරක් යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථාන වර්ණ යුද්ධ හමුදා විද්‍යාපීඨ වර්ණ ලෙස ප්‍රදානය කරන ලදි
මව්බිමේ ඒකීයභාවය, සෛවරිත්වය හා භෞමික අඛණ්ඩතාවය පවත්වාගෙන යාම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උත්තරීතර වගකීමක් වන අතර, එයට එරෙහිවන ඕනෑම අවස්ථාවක යුදමය ක්‍රියාදාමයක් තුලින් හෝ රටේ සාමය හා සමානාත්මතාවය ඇතිකිරීම යුද්ධ හමුදාවේ පරම වගකීම වේ. මෙම කාර්යභාරය ඉටුකිරීම සඳහා යුද්ධ හමුදාව තුල නිවැරදි දැක්මක් සහ නිවැරදි කාර්ය පටිපාටියක් තිබිය යුතුය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු ප්‍රහාරක ශක්තිය, ක්ෂණිකව ක්‍රියාත්මකවීමේ සහ ස්ථානගතවීමේ ශක්තියත් ත්‍රිවිධ හමුදාවන් සමඟ මනා සම්බන්ධතාවයෙන් යුතුව ක්‍රියාන්විත සඳහා සහභාගීවිම තුලින් සතුරා තුල භීතියක් හා ත්‍රාසයක් ඇති කරවිමට යුද්ධ හමුදාව සමත්වි ඇත. තවද, යුද්ධ හමුදා නිලධාරීන් සහ සොල්දාදුවන් යුද පිටියට යාමට ප්‍රථම නිවැරදි ලෙස පුහුණු කිරිම තුලින් යුද පිටියේ සර්ථකත්වය සහ ජිවිත අවදානම අවම කරගැනිමට හැකියාවක් ඇති අතර, අතීතයේදි සිදුකරන ලද ක්‍රියාන්විතවල සාර්ථකත්වය ගැන සැලකිමේදි එය තහවුරු වේ.
යුද්ධ හමුදා නිලධාරින් සහ සොල්දාදුවන් සඳහා අවශ්‍ය සිද්ධාන්ත සහ තාක්ෂණික පුහුණුව ලබාදීම මගින් යුද්ධ හමුදාව වෙත පැවරී ඇති වගකිම් හා කාර්යභාර්ය ඉතා උසස් අන්දමින් ඉටුකරගැනිමට අවශ්‍ය පසුබිම නිර්මාණය වේ. තවද, ප්‍රයෝගික පුහුණුව තුලින් සතුරාගේ ක්‍රියාකාරකම් ඉතා නිවැරදි ලෙස මර්ධනය කිරීමට හැකිවන අතර, සෑම අණදෙන්නෙක්ම තමා යටතේ සිටින නිලධාරීන් සහ සොල්දාදුවන් නවීන තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් ඔවුන්ගේ යුද උපක්‍රම සහ තාක්ෂණිකව දක්ෂතාවයන් වර්ධනය කිරීම සිදුකල යුතුය.
වර්තමානයේ සියලු රෙජිමේන්තු සහ බලකා සතුව තම පුහුණු පාසල් ආරම්භකර ඇති අතර, එම පුහුණු පාසල් මඟින් එක් එක් රෙජිමේන්තු සඳහා අවශ්‍ය ආධුනික සෙනින් පුහුණු කිරිම සිදුකරනු ලබයි. තවද, ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවේ සැලකිය යුතු නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් වාර්ෂිකව තමාගේ රෙජිමේන්තු / බලකාවලට ආවේණික විශේෂ පුහුණු අවශ්‍යතාවයන් සඳහා විදේශ රටවලට යැවිම දැනට සිදුකරනු ලබයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු පුහුණු පාසල් සහ මධ්‍යස්ථාන පහත පරිදි වේ.
ප්‍රධාන පුහුණූ පාසල්ශ්‍රී ලංයුහවිපි - ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය නිප්‍රප්‍රම - නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය - යුහපුපා - යුද හමුදා පුහුණු පාසල
- පාපුම - පාබල පුහුණු මධ්‍යස්ථානය
- සපුපා - සටන් පුහුණු පාසල
- යුහශාඅපුපා - යුද හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල
- සෙව්පුපා - ස්වේච්ඡා පුහුණු පාසල
- ප්‍රසැවෙපුපා - ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල
- යුහවෘපුම - යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය
සාසාමෙපුආ - සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය භසවි - භඨකාර්යය සම්පාදන විද්‍යාලය - සබපුම - සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය
- කාතුහපා - කාලතුවක්කු හමුදා පාසල
- ශ්‍රීලංඉපුපා - ශ්‍රී ලංකා ඉංජිනේරු හමුදා පුහුණු පාසල
-
සංඥාපුපා - සංඥා පුහුණු පාසල - යාපාපුම - යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය
- කරෙපුපා - කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල
- කරෙවිසංපුපා - කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ සංග්‍රාමික පුහුණු පාසල
- විබසංකිමිදුම්පුපා - විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසල
- විබපුපා - විශේෂ බලකා පුහුණු පාසල
- විබවසපුපා - විශේෂ බලකා වන සටන් පුහුණු පාසල
- සබුපුපා - සන්නද්ධ බුද්ධි පුහුණු පාසල
- ගුසපුපා - ගුවන් සංග්‍රාමික පුහුණු පාසල
- ඉසේරෙපුපා - ඉංජිනේරු සේවා රෙජිමේන්තු පුහුණු පාසල
- සේබපා - සේවා බලකා පාසල
- හහෙවි - හමුදා හෙද විදුහල
- යුධෝපපුපා - යුධෝපකරණ පුහුණු පාසල
- ශ්‍රීලවියාඉපුපා - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසල
- ශ්‍රීලයුපොහේබපුපා - ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසල
- ශ්‍රීලයුපොදුසේබපුපා - ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා පුහුණු පාසල
- බළඇණි පුහුණු පාසල - වාසවිලාන්
- බළඇණි පුහුණු පාසල - වෙඩත්තපලෙයි
- බළඇණි පුහුණු පාසල - පෙරියපච්චපලෙයි
- බළඇණි පුහුණු පාසල - මැණික් ෆාම් කඳවුර
- බළඇණි පුහුණු පාසල - කණගරායකුලම්
- බළඇණි පුහුණු පාසල - පම්පෙමඩු
- බළඇණි පුහුණු පාසල - තාවුල්වැව
- බළඇණි පුහුණු පාසල - පුනානි
- බළඇණි පුහුණු පාසල - අම්පකාමම්
- බළඇණි පුහුණු පාසල - මුලුන්කාවිල්
- බළඇණි පුහුණු පාසල - මුත්තියන්කඩ්ඩු
- බළඇණි පුහුණු පාසල - පුදුකුඩුඉරිප්පු
- බළඇණි පුහුණු පාසල - කටුකැලියාව
- බළඇණි පුහුණු පාසල - වලමණ්ඩිය
- බළඇණි පුහුණු පාසල - බෝගොඩ
- බළඇණි පුහුණු පාසල - අරසපුර කුලම්
- විජයබාහු පාබල රෙජිමේන්තු පුහුණු පාසල - පුත්තලම
- කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ සංග්‍රාමික පුහුණු පාසල - වෙඩිතලතිවු
- ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු පුහුණු පාසල - හේනානිගල
- 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා පුහුණු පාසල - ඉපලෝගම
- 3 වන (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තු පුහුණු පාසල - සඳුන්පුර
- ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු පුහුණු පාසල - බුස්ස
- ගැමුණු හේවා බලකා පුහුණු පාසල - දියතලාව
- ගජබා රෙජිමේන්තු පුහුණු පාසල - සාලියපුර
- 4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා පුහුණු පාසල - ක්ලැපන්බර්ග්
- 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා පුහුණු පාසල - පනාගොඩ
- 3 (සෙව්) ශ්‍රී ලංකා කාන්තා බලකා පුහුණු පාසල - දෙහිඅත්තකණ්ඩිය
- 4 (සෙව්) ශ්‍රී ලංකා කාන්තා බලකා පුහුණු පාසල - මැදවච්චිය
- 4 වන ශ්‍රී ලංකා සංඥා බලකා පුහුණු පාසල - අනුරාධපුරය
- 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා පුහුණු පාසල - තලාව
- 3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පුහුණු පාසල - නුවරඑළිය
- යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු පාසල - කැකිරාව
- 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා පුහුණු පාසල - පාන්ගොල්ල
- ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පුහුණු පාසල - කෑගල්ල
- 2 (සෙව්) ශ්‍රී ලංකා කාන්තා බලකා පුහුණු පාසල - අනුරාධපුරය
රෙජිමේන්තු පුහුණු පාසල්
බළඇණි පුහුණු පාසල්
ආධුනික පුහුණු පාසල්