12th October 2023 19:55:23 Hours
අර්බුදකාරී අවස්ථාවල ජාතිය වෙනුවෙන් සේවය කිරීමට යුද්ධ හමුදාවේ නොපසුබස්නා කැපවීම පෙන්නුම් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූවන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, පිසූ ආහාර බෙදාදීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමන්ගේ සහයෝගය මත 12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් එම අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පිසූ ආහාර පිළියෙළ කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය. යුද්ධ හමුදා භටපිරිස් විසින් මාලිම්බඩ ග්‍රාම නිලධාරි වසමේ තාවකාලික මුළුතැන්ගෙයක් ස්ථාපිත කර 2023 ඔක්තෝබර් මස 8 සිට 11 දින දක්වා කාලය තුළ අවතැන් වූ පුද්ගලයින් 5,000 ක් වෙනුවෙන් ආහාර පිළියෙළ කරනු ලැබීය.
12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත භටපිරිස්, අණදෙන නිලධාරීන් සමඟ එක්ව එම ආහාර පාර්සල් සකස් කිරීම සහ බෙදාහැරීම සඳහා සිය දායකත්වය දැක්වූහ. මාලිම්බඩ ප්‍රදේශයේ ආපදා තත්ත්වයෙන් අවතැන් වූවන්ගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.