හැඳින්වීම
රාජකාරියේ නියුතු සහ විශ්‍රාමික යුද්ධ හමුදා නිලධාරී / සෙසුනිලයන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයවලුන්ගේ සුබසාධනය තුලින් ජීවන තත්වය ඉහළ නැංවිමේ පරමාර්ථය පෙරදැරිව හමුදා චර්යා නියෝග 33/89 මඟින් 1989 මැයි මස 23 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුබසාධක සංගමය පිහිටුවා ඇත. යුද්ධ හමුදාවේ ව්‍යාප්තිය සමග මෙය යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය නමින් හමුදා චර්යා නියෝග 18/94 මඟින් 1994 අප්‍රේල් 30 දින සිට නැවත නම් කර ඇත.
අරමුණ
යුද්ධ හමුදාව තුල දැනට ක්‍රියාත්මක වන සුබසාධක වැඩසටහන් නිසි අයුරු පවත්වාගෙන යමින් නිලධාරී / සෙසුනිල සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙල ඇතිකිරීම හා සියළුම යුද්ධ හමුදා නිලධාරී / සෙසුනිලයන්ට හිමිවිය යුතු සුබසාධක පහසුකම් විධිමත්ව සහ ක්‍රමවත්ව සිදුවීම අධීක්ෂණය කිරීම සුබසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන අරමුණ වේ.
කාර්ය භාරය
- සේවයේ නියුතු නිලධාරී / සෙසුනිලයන් සඳහා ණය පහසුකම් ලබාදීම.
- පහසු මිළගණන් යටතේ ඉඩම් කොටස් ලබාදීම.
- සුබසාධක වෙළඳසැල් පවත්වාගෙන යාම.
- සාමාජිකයන්ගේ ළමුන් රජයේ පාසල් වෙත ඇතුළත් කිරීම සඳහා තෝරාගැනීම.
- රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සාමාජිකයන්ට ප්‍රතිලාභ හිමිගැන්විම හා විශේෂ රක්ෂණ ආවරණ ලබාදීම.
- සුවසහන අරමුදල පවත්වාගෙන යාම සහ එහි ප්‍රතිලාභ සාමාජිකයන් වෙත පිරිනැමීම.
- නීති ආධාර ලබාදීම.
- මරණාධාර මුදල් ප්‍රතිපූර්ණය කිරීම.
- පහසු ගෙවීමේ පදනම මත භාණ්ඩ ලබාදීම.
- සුවසහන බස්රථ සේවාව පවත්වාගෙන යාම.
- කතරගම යුද්ධ හමුදා නිවාඩු නිකේතනය පවත්වාගෙන යාම.
- ආරක්ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය වෙතින් ලබාදෙන ශිෂ්‍යත්ව සඳහා හමුදා සාමාජිකයන්ගේ ළමුන් තෝරාගැනීම.
- ආධුනික හමුදා නිලධාරීන් හා සෙබලුන්ට සුබසාධක සංගම් ගිණුමේ සාමාජිකත්වය ලබාදීම හා සාමාජිකත්වය හිමි අයට ප්‍රතිලාභ ගෙවීම.
- ණය මුදල් ආපසු අයකිරීම්.
- යුද්ධ හමුදාවේ සියළු ආයතන වෙත පුවත්පත් ප්‍රතිපාදන වෙන්කිරීම.
- යුද්ධ හමුදා සුබසාධක දිනපොත් බෙදාහැරීම.
- පහත සඳහන් වෙනත් සේවාවන් පවත්වාගෙන යාම.
ගොඩනැගිලි ද්‍රව්‍ය පහසු මිළට ලබා ගැනීමට අවස්ථාව ලබාදීම.
ප්‍රමුඛතාවයක් මත ජල / විදුලි සම්බන්ධතා ලබාගැනීමට ලිපි ලබාදීම.
අනුමත නිලධාරී / බලලත් නිලධාරී නිවස්න සඳහා සැරබීම බලපත්‍ර නිකුත් කිරීම.
රජයේ රැකියාවක නිරත සාමාජිකයන්ගේ ළඟම ඥාතීන්ට සේවා ස්ථාන මාරුවිම් ලබාගැනීම සඳහා ඉල්ලීම පරිදි ප්‍රමුඛතා ලිපි නිකුත් කිරීම.
සුසාඅම අංශ වෙතින් සිදුකරන කාර්ය භාරය
1. ණය අංශය (දුරකතන අංකය : 011-2514992)
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රාජකාරියේ නියුතු සියළුම සාමාජික සාමාජිකාවන් හට 5% ක හීනවන සහනදායි පොලී අනුපාතයක් යටතේ සුසාඅම වෙතින් ලබාදෙන සියළුම ණය / භාණ්ඩ හා ත්‍රිරෝද / යතුරුපැදි පහසුකම් ලබාදීම.
අ. ණය ලබාගැනීමේ ප්‍රතිපත්ති සහ උපදෙස්
සුසා/පා/08/02/2010 හා 2010.11.04 සියළුම ස්ථාන අමතා ඇති ලිපිය මඟින් ණය අයදුම්පත ඇතුලු උපදෙස් නිකුත්කර ඇත.
සුසා/ණය/ප්‍රතිපත්ති/01(65) 2011.06.18 සියළු රෙජිමේන්තු අමතා ඇති ලිපිය මඟින් මාසිකව වෙන්කර ඇති ණය සීමාවන් දැනුවත් කර ඇත.
ආ. අවශ්‍ය සුදුසුකම් හා ලියකියවිලි
රු. 1000.00 ක මුදලක් ගෙවා සුබසාධක සංගමයේ සාමාජිකත්වය හිමිව තිබීම.
නිත්‍ය සහ ස්වේච්ඡා සාමාජික / සාමාජිකාවන්ට ඉල්ලුම් කිරීමට සුදුසුකම් ඇත.
නිවැරදි ණය අයදුම්පත. (පරිගණක මුද්‍රිත පිටපත් ලබාගැනීමේ දී එකම කොලයේ දෙපැත්තේ සිටින ලෙස අයදුම්පත පිටපත් කරගත යුතුය)
අයදුම් / ඇපකරු ආසන්නම මාසයේ පැහැදිලි වැටුප් පත්‍රිකා පිටපතක් හා යුද්ධ හමුදා හැඳුනුම්පතේ පිටපත.
මාසිකව වැටුප් බැරවන බැංකු පොතේ පිටපතක්. (වැටුප් පත්‍රිකාවේ සඳහන් ගිණුම් අංකය හා බැංකු පොතේ ගිණුම් අංකය සමානවිය යුතුය)
යුද්ධ හමුදා සේවා කාලය වසර 05 ක් හෝ ඊට වැඩි විය යුතුය.
ඉදිරි සේවා කාලය වසර 05 ක් හෝ ඊට වැඩි විය යුතුය.
මීට පෙර ලබාගත් ඉඩම් / භාණ්ඩ ණය මුදල් සඳහා වාරික මුදල් සම්පූර්ණයෙන් පියවා තිබිය යුතුය.
විවාහක / අවිවාහක සාමාජිකයන්ට ඉල්ලුම් කළ හැක.
ඇ. ලබාදෙන ණය මුදලට අනුව වාරිකය හා ණය මුදල / පොලීය පහත සඳහන් පරිදි වේ.
ණය මුදල (රු.) |
වාරික ගණන |
වාරික මුදල (රු.) |
අයවන මුළු මුදල (රු.) |
500,000.00 |
60 |
9,435.62 |
566,137.20 |
300,000.00 |
48 |
6,908.79 |
331,621.92 |
100,000.00 |
36 |
2,997.09 |
107,895.24 |
ඈ. ණය අයදුම්පත් ඉදිරිපත් කිරීම
සියළුම ණය අයදුම්පත් රෙජිමේන්තු වෙත මාසිකව වෙන්කර ඇති සීමාව අනුව රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙතින් පමණක් ඉදිරිපත් කළ යුතුය.
2. ඉඩම් අංශය (දුරකතන අංකය : 011-2514992)
අ. රාජකාරියේ යෙදි සිටින රණවිරුවන්ට නිවසක් ඉදිකර ගැනීමට ඉඩම් කොටස් නොමිලේ / සහන මිලට ලබාදීම.
සුදුසුකම්
සක්‍රීය සේවයේ නියුතු සියළුම නිත්‍ය / ස්වේච්ඡා අයවළුන් අතුරින් ඉඩම් නොමැති රණවිරුවන් හමුදාගත සාමාජිකයින්ට මෙන්ම මියගිය / අතුරුදහන් රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ට රණසේවා අම වෙතින් විශේෂ නිර්දේශ මත ඉඩම් ලබාදීම. (සුසා/ඉඩම්/ප්‍රතිපත්ති/01/2012 හා 2012.09.11 දිනැති සුසාඅම ලිපිය මඟින් සියළු රෙජිමේන්තු මධ්‍යස්ථාන දැනුවත් කර ඇත)
රජයේ ඉඩමක පදිංචි නමුත් ඔප්පු නොමැති යුද්ධ හමුදා සාමාජිකයින්ට ග්‍රාම නිලධාරී / ප්‍රාදේශීය ලේකම් විසින් නිර්දේශිත අයදුම්පත අනුව ඉඩම් බලපත්‍ර ලබාදීම සඳහා.
3. ලෙජර් අංශය (දුරකතන අංකය : 011-2514992)
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයේ නියුතු නිලධාරී / සෙසුනිලයින් හට පහසුගෙවීමේ පදනම මත භාණ්ඩ / ණය මුදල් ලබාදීම.
භාණ්ඩ / ණය මුදල් ලබාගැනීමෙන් අනතුරුව වැහාලේ අම සමග සම්බන්ධතාවයෙන් වාරික මුදල් මාසිකව අයකර ගැනීමට කටයුතු කිරීම.
භාණ්ඩ / ණය අයදුම්පත් ලෙජර් අංශය වෙතින් අයවීමට ඇති / නැති බවට නිශ්කාෂණය කර අදාළ රෙජිමේන්තු වෙත ලබාදීම.
4. මරණාධාර අංශය (දුරකතන අංකය : 011-2514992)
යුද්ධ හමුදා මරණාධාර යෝජනා ක්‍රමයේ අර්ථලාභීන් වනුයේ සාමාජිකයන් පමණි. සාමාජිකයෙකු කුමන හේතුවක් මත මියගියද මරණාධාර මුදල් ළඟම ඥාතියාට හිමිවේ. 2016.01.01 දින සිට රු 100,000.00 (රුපියල් ලක්‍ෂයක්) ක මුදලක් ළඟම ඥාතියා වෙත ගෙවනු ලැබේ. මෙම මුදල් අදාල රෙජිමේන්තු වෙතින් ළඟම ඥාතියා වෙත ගෙවීමෙන් පසු අයදුම්පත වැහාලේඅම / පිපඅම අනුමැතිය මත සුසාඅම වෙතින් ප්‍රතිපූර්ණය කෙරේ. 2013.04.17 දිනැති හමුදා නියෝග 03/2013 මගින් සියළු ස්ථාන දැනුවත් කර ඇත.
5. නීති ආධාර (දුරකතන අංකය : 011-2514992)
නීත්‍යානුකූල යුද්ධ හමුදා රාජකාරි ඉටුකිරීමේදී කරන ලද ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් සිවිල් අධිකරණයේ නඩු පැවරීමට භාජනය වන සියළු නිලධාරීන් හා සෙසුනිලයින් වෙනුවෙන් රු 100,000.00 සිට රු 500,000.00 දක්වා මුදල් ආධාර ලබාදීම සඳහා මෙම අරමුදල 2005.01.01 දින ආරම්භ කරන ලදි.
6. සාමාජික අංශය (දුරකතන අංකය : 011-2514992)
යුද්ධ හමුදාවේ සියළුම නිලධාරීන් සහ සෙසුනිළයින් සුබසාධක සංගමයේ සාමාජිකත්වයේ පිහිටුවීම. (හමුදා චර්යා නියෝග 33/89 හා සුසා/03/02 (IV) හා 1998 නොවැම්බර් 13 දිනැති සියළු ලැයිස්තු ඇමතූ ලිපිය අනුව)
විශ්‍රාම / අස්ව යන සහ මියගිය අයවළුන්ට අවසන් නිශ්කාෂණ ලබාදීම. (සුසාඅම/නිශ්කාෂණ/පා/01 (47) හා 2014 පෙබරවාරි 05 දිනැති සියළු රෙජිමේන්තු ඇමතූ ලිපිය අනුව)
විශ්‍රාම / අස්ව යන සහ මියගිය අයවළුන් හට හිමි සාමාජික හා ලාභාංශ මුදල් ආපසු ගෙවීම. (සුසාඅම/සාමාජික/පා/01 හා 2015 දෙසැම්බර් 08 දිනැති ලිපිය අනුව)
7. පාසල් අංශය (දුරකතන අංකය : 011-2514940)
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දරුවන් රජයේ පාසල් / ආරක්‍ෂක සේවා විද්‍යාලයන්හි පළමුවන ශ්‍රේණිය වෙත ඇතුලත් කිරීම සඳහා 2014.05.05 දිනැති හමුදා නියෝග 2/2014 හා 2016.05.02 දිනැති හමුදා නියෝග 6/2016 අනුව තෝරාගැනීම් සිදුකෙරේ.
තම ඒකකයට අයත් සියළුම අයදුම්කරුවන් ගෘහමූලික පදනම මත තම පළාත තුල (ජාතික හා පළාත්) පාසල් 06 ක් ඉල්ලුම්කිරීම අනිවාර්ය වේ.
ආදි ශිෂ්‍ය පදනම සහ සහෝදර පදනම මත පාසල් ඉල්ලුම්කිරීමට හැකියාව ඇති අයවළුන් ඒ අනුව පාසල් අයදුම් කළ යුතුය.
8. යුද්ධ හමුදා සුබසාධක වෙළඳසැල් සම්බන්ධීකරණ අංශය (දුරකතන අංකය : 011-2514983)
අ. කාර්ය භාරය
යුද්ධ හමුදා සුබසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ සුබසාධක වෙළඳසැල් කොළඹ, පනාගොඩ, බූස්ස, අම්පාර, පල්ලෙකැලේ, මින්නේරිය, දියතලාව සහ අනුරාධපුරය යන ස්ථානයන්හි පිහිටුවා ඇත.
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ අවශ්‍යතා සඳහා පහසු මිළගණන් යටතේ ගෘහ විදුලි උපකරණ, පරිගණක යන්ත්‍ර, රන් ආභරණ, ටයිල්, ගෘහ භාණ්ඩ ලබාදීම හා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දූ දරුවන් සඳහා පාසල් පොත් / උපකරණ ලබාදීම සඳහා ණය මුදලක් ලබාදීම.
යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සිංහල අළුත් අවුරුද්ද වෙනුවෙන් රෙදිපිළි ලබාගැනීම සඳහා ණය මුදලක් ලබාදීම.
9. සුවසහන සුඛෝපභෝගී බස් රථ සේවාව (දුරකතන අංකය : 011-2514983)
අ. සහනදායී මිළගණන් යටතේ සුඛෝපභෝගී බස් රථ සේවාව යුද්ධ හමුදා සාමාජිකයන් හා විශ්‍රාමික හමුදා සාමාජිකයන් වෙත ලබාදීම.
නිලධාරීන් / සෙසු නිලයින් / විශ්‍රාමික අයවළුන් හා හමුදාගත අයවළුන්ට කි.මී. 01 ක් සඳහා - රු. 45.00.
පිළිගත් රජයේ ආයතන සඳහා කි.මී. 01 ක් සඳහා - රු. 55.00.
කි.මී. 200 කට අඩු දුරකදී රු. 1000.00 ක මුදලක් ගාල්කිරීමේ ගාස්තු වශයෙන් අයකෙරේ.
දිනකට කි.මී. 100 කට අඩු දුරකදී කි.මී. 100 ක් සඳහාම ගාස්තු අයකෙරේ.
දින 03 කට වඩා රාත්‍රී නවාතැන් ගන්නා ගමනකදී වැඩිවන එක් දිනක් සඳහා රු. 3000.00 ක මුදලක් අයකෙරේ.
10. කතරගම යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේ පහසුකම් ලබාදීම (දුරකතන අංකය : 047-2235113)
අ. කාමර වෙන්කිරීමේ පිළිවෙත
එක් නිලධාරී / සෙසු නිලයෙකුට දින 02 ක් සඳහා වෙන්කරගත හැකි උපරිම කාමර සංඛ්‍යාව 03 කි.
විශ්‍රාමික නිලධාරී / සෙසුනිලයන්ට දින 02 ක් සඳහා වෙන්කරගත හැකි උපරිම කාමර සංඛ්‍යාව 02 කි.
කාමර ඉල්ලුම්කරන දින 1200 පැයේ සිට පසුදින 1100 පැය දක්වා කාලය එක් දිනයක් වශයෙන් ගණනය කෙරේ.
ආ. කාමර ප්‍රමාණය හා ගාස්තු අයකිරීම
අනු අංකය |
කාමර වර්ගය |
කාමර ප්‍රමාණය |
කාමරයක ගාස්තුව (රු.) |
1 |
මේජර් ජෙනරාල් / බ්‍රිගේඩියර් |
03 |
500.00 |
2 |
කර්නල් / ලුතිනන් කර්නල් |
06 |
400.00 |
3 |
මේජර් සිට 2/ලුතිනන් |
09 |
300.00 |
4 |
බළලත් නිලධාරීවරුන් |
05 |
300.00 |
5 |
මා/සැරයන් / සැරයන් |
06 |
200.00 |
6 |
කෝප්‍රල් සිට සාසෙ දක්වා |
12 |
200.00 |
11. සුවසහන අරමුදල (දුරකතන අංකය : 011-3158572)
අ. අරමුණ
යුද්ධ හමුදා සාමාජිකයින්, විශ්‍රාමික අයවළුන් සහ පවුලේ සාමාජිකයින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදී දැරීමට සිදුවන මුදල් ප්‍රතිපූර්ණය කිරීම. සාමාජිකයා, කලත්‍රයා හෝ දරුවා මියයාමකදී / උපතකදී සහ ඔවුන් ආබාධිත තත්වයකට පත්වීමකදී මූල්‍යමය වශයෙන් සහන සැලසීම.
සුවසහන අරමුදලේ ප්‍රතිලාභ සහ ප්‍රතිලාභ ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව සුසා/සුවසහන/පා/01/2014 (11) හා 2014.01.19 දිනැති ලිපිය මගින් සියළු ස්ථාන වෙත දැනුවත් කර ඇත.
ආ. හිමි ප්‍රතිලාභ
ප්‍රතිලාභ |
මුදල (රු.)
|
සාමාජිකයා |
මරණයකදී |
1,000,000.00 |
පූර්ණකාලීන ආබාධිත |
500,000.00 |
බරපතල රෝග ආවරණ |
1,000,000.00 |
කලත්‍රයා |
මරණයකදී |
500,000.00 |
බරපතල රෝග ආවරණ |
1,000,000.00 |
දරුවන් |
මරණයකදී |
50,000.00 |
බරපතල රෝග ආවරණ |
1,000,000.00 |
දරු උපත් |
10,000.00 |
ඇ. පවුල් ඒකකයක් සඳහා වසරකට රෝහල් ගාස්තු
රෝහල්ගත කිරීම් - සාමාන්‍ය (නම්කරන ලද ආයුර්වේද රෝහල් ඇතුළුව) |
රු. 50,000.00 |
සැත්කම් (ශල්‍යකර්ම) |
රු. 150,000.00 |
අවිවාහක අයවළුන්ගේ දෙමව්පියන් හට බරපතල රෝගාවරණය |
රු. 1,000,000.00 |