Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

තොරතුරු දැනගැනීමේ අයිතිය

තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය

පනත - 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

නියෝග - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය

රීති - 2017 පෙබරවාරි 17 දින හා අංක 2006/43 දරන අති විශේෂ ගැසට් පත්‍රය

පොදු අධිකාරිය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ඉහත පනත යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළහැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය - භාගත කිරීම

තොරතුරු නිළධාරී

බ්‍රිගේඩියර් කේ වී එන් පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි

දුරකථන අංක :- 0766907062
ෆැක්ස් :- 0112076967
විද්‍යුත් ලිපිනය :- info@army.lk
ලිපිනය :-
ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය
ශ්‍රී ජයවර්ධනපුර
කොළඔ

විමසීම්

මේජර් ආර් එම් එස් ගාමිණි (නීති නිලධාරී)

දුරකථන අංක :- 0762977213

තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම

  1. තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI-01 අයදුම්පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත්කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.
  2. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ.
  3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත.
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත.
  6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
    1. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
    2. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
    3. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
    4. සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
    5. වැඩිපුර ගාස්තු අයකිරිම,
    6. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
    7. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම සඳහන් නම් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. නම් කළ නිලධාරියාගේ තීරණය දින 21 ක් තුළ දන්වනු ලැබේ.

නම් කල නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය භාගත කිරීම

නම් කළ නිලධාරී

බ්‍රිගේඩියර් ආර්.ඩි.ඕ පතිරනගේ

දුරකථන :- 0766907024 / 0778144349
ෆැක්ස් :- 0112502640
ඊ මේල් :- jagoffice@army.lk
ලිපිනය :- විනිසුරු අධිනීතිඥ ජෙනරල් කාර්යාලය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය,
ශ්‍රී ජයවර්ධනපුර,
කොළඹ.

නම් කළ නිලධාරී තීරණයෙන් ද ඔබ අතෘප්තියට පත් වන්නේ නම් හෝ දින 21 තුළ තීරණය නොලැබුණේ නම් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනා කළ හැකිය.

අධ්‍යක්ෂ ජනරාල්/ සභාපති
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව


දුරකථන :- 011 2691625, 0112691265
විද්‍යුත් තැපැල් :- rticommission16@gmail.com
ලිපිනය :-
කාමර අංක 203,
204 දෙවන පරිශ්‍රය
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය භාගත කිරීම