නවතම ප්‍රවෘත්ති
2021-01-26
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (25) දින මුල්ලියාවේලි ප්‍රදේශයේ තිබී මිමි 130 වර්ගයේ කාලතුවක්කු උන්ඩ 04 ක් (පා/නු) සහ මිමි 152 වර්ගයේ කාලතුවක්කු උන්ඩ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.
මේඅතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (25) දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ තිබී රන්ගන් 99 වර්ගයේ බෝම්බ 07 ක් (පා/නු) සොයාගෙන ඇත.
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ වොලිබෝල් ක්රීඩාංගණය එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ විසින් ඉකුත් බ්රහස්පතින්දා (19) දින විවෘත කරන ලදී.