යුද්ධ හමුදා නිලධාරියකු ලෙස අනාගත පරම්පරාව සඳහා නායකත්වය දෙමින් ඉතා වටිනා අවස්ථාවක් උදාකරනා කළමනාකරණ කුසලතාව නිපුණ කරනා ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය රැකියා අවස්ථාවක් සමග එක්වන්න.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලොව ප්‍රමුඛ පෙළේ හමුදාවන්ගෙන් එකක් වන අතර, ප්‍රධාන ආරක්ෂක භුමිකාව ලෙස අප විදෙස් මෙහෙයුම් සඳහා සහය දැක්විම, ආපදා තත්ත්වයන් හිදී සහන සේවා සැපයිම ආදී වශයෙන් යුද්ධ හමුදා නිලධාරියෙක් නවින තාක්ෂණය සහිත යුද උපකරණ පිළිබඳව දැනුම සහ ඉංජිනේරු සහ වෛද්‍ය විද්‍යා යන දැනුමෙන් ද සන්නද්ධ වු අයෙකි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියකු වීම මහඟු අවස්ථාවක් උදාකරනා අතර, පුහුණුව තුළින් මනා පෞර්ෂයෙන් හෙබි නිලධාරියෙක් පමණක් නොව ‘මහත්මයෙක්’ ලෙස ද සමාජගතවනු ඇත.
නිලධාරියා - විනීත කාන්තාවක් හා මහත්මයෙක්
යුද්ධ හමුදා නිලධාරියකුගේ ජිවිතය හරහා පුද්ගල සංවර්ධනය සහ වෘත්තීමය හැකියාවන් සංවර්ධනය විම අරමුණු කෙරේ. වර්තමාන ලෝකයට අනුකුල වන පරිදි පුද්ගල සංවර්ධනය සඳහා බාහිර විෂය ක්‍රියාකාරකම්වල යෙදීම තුලින් කුසලතා සංවර්ධනය අපේක්ෂා කෙරේ. යුද්ධයේ සටන් කලාව, ඉංජිනේරු සේවා, වෛද්‍ය සේවා සහ පරිපාලනය, මානව සම්පත් කළමණාකරණය ආදී විෂය ක්ෂේත්‍රය යුද්ධ හමුදාව ඔබට පුහුණු කරවනු ලබයි. ඕනෑම ක්ෂේත්‍රයකට උචිත වන පරිදි නිලධාරින් පුහුණු කර හැඩගැස්විම, පාසල් හැරයාමෙන් පසු උපාධියක් ලබාගැනිම දක්වාම සිදුකරනු ලබයි.
ආකර්ෂණීය වැටුප් හා වරප්‍රසාදවලට අමතරව වෙනත් රැකියාවන් මෙන් නොව යුද්ධ හමුදා නිලධාරියකුගේ රැකියාව හොඳ ජිවන ක්‍රමයක් හුරුකරන වෙනත් වෘත්තීන්ට වඩා සුවිශේෂි එකක් වේ. උසස් සමාජ මට්ටමක නිරෝගි සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගතකිරිමට ද ඉන් අවස්ථාව සැලසේ.
නිවාස සහනාධාර, නොමිලේ වෛද්‍ය පහසුකම්, ආපනශාලා පහසුකම්, රක්ෂණ පහසුකම්, නිවාස හෝ වාහන සඳහා ණය පහසුකම් ආදී වරප්‍රසාද රාශියක් යුද්ධ හමුදා නිලධාරින් සඳහා හිමිගැන්වේ.