09th October 2023 22:05:51 Hours
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත පාසල් ළමුන් සහ සිවිල් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සහ එහි අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝම්බර් මස 05) දින වාකරේ මහා විද්‍යාලයේදී පවත්වන ලදී.
දේශනය සඳහා පාසල් ළමුන්, ගුරුවරුන් සහ ප්‍රදේශ වාසීන් 200 කට අධික පිරිසක් සහභාගී වූ අතර, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ මඩකලපුව ප්‍රදේශයේ ප්‍රධාන සම්බන්ධීකාරක පී තිනේෂ් මහතා විසින් දේශනය පවත්වන ලදී.
වැඩසටහන සඳහා 233 පාබල බලසේනාවේ කාර්යයේ නියුතු බලසේනාධිපති කර්නල් කේ.එස්.පී පොතුපිටිය යූඑස්පී පීඑස්සී අයිජී, 7 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී, 233 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධීකාරක නිලධාරී ලුතිනන් කර්නල් චන්දික ඇහැලේපොල සහභාගී වූහ.