08th October 2023 21:12:15 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් සඳහා දකුණු කොළඹ රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සහය ඇතිව අක්ෂි සායනයක් පසුගියදා සංවිධානය කරන ලදී. එම සායනයේදී දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් 125 දෙනෙකු වෙත අදාල ප්‍රථිකාර කටයුතු සිදුකරනු ලැබීය.
08th October 2023 21:08:17 පැය
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ භටපිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව සුනාමි තත්ත්වයන් පිළිබඳව කුච්චවේලි ප්‍රදේශයේ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා වූ අභ්‍යාසයක් පසුගිය බදාදා (ඔක්තෝම්බර් මස 04) දින පවත්වන ලදී.
08th October 2023 21:01:22 පැය
ලෝක ළමා දිනයට සමගාමීව ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, එම මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක වෙතින් ඔක්තෝබර් මස 01 සිට 04 දින දක්වා විශේෂ විනෝදාස්වාද වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.
08th October 2023 20:57:05 පැය
ස්වේෂිනි සුබසාධන ආයතනයේ හිමිකරු රවී රාජපක්ෂ මහතාගේ අනුග්‍රාහකත්වය මත රුපියල් 38900.00 වටිනාකමකින් යුත් කසල බඳුන් හතරක් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, විසින් පුරාණ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රයෝජනය සඳහා පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 30) දින පරිත්‍යාග කරන ලදී.
08th October 2023 20:53:00 පැය
ලෝක ළමා දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය- මධ්‍යම භටපිරිස් සහ බණ්ඩාරවෙල සිංහ සමාජය එක්ව දියතලාව, කදුරුගමුව මිහිඳු විද්‍යාලයේ ළමුන් සඳහා විශේෂ වැඩසටහනක් පසුගිය අඟහරුවදා (ඔක්තෝබර් මස 03) දින සංවිධානය කරන ලදී.
08th October 2023 20:39:54 පැය
ලෝක ළමා දිනය නිමිත්තෙන්, ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු භටපිරිස් පරිත්‍යාගශීලීන්ගේ සහ දානපතියන්ගේ අනුග්‍රාහකත්වය මත කන්නඩුකේනි දමිළ මිශ්‍ර පාසල, කොක්කුතුඩාවි දමිළ පාසල, කෝකිලායි දමිළ පාසල සහ කෝකිලායි සිංහල මිශ්‍ර පාසල යන පාසල් වල අධ්‍යාපන කටයුතුවල නිරත අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් 201 දෙනෙකු වෙනුවෙන් පාසල් පාවහන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝම්බර් මස 03) දින මුලතිව් විද්‍යානන්ද ජාතික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
07th October 2023 09:33:05 පැය
යුද්ධ හමුදා භටපිරිස් මාතර, මාලිම්බඩ සහ සුල්තානාගොඩ - වරකාපිටිය මාර්ගය සහ ඒ අවට ප්‍රදේශවල ගංවතුර හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වයන් සඳහා හදිසි ගංවතුර සහන සේවා කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතී. 61 පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 06) දින සවස සුල්තානාගොඩ - වරකාපිටිය මාර්ගය දෙපස වැලි කොට්ට යොදා ගනිමින් මාලිම්බඩ ප්‍රදේශයේ අනෙකුත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුරෙන් වන හානි වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකලහ.
06th October 2023 22:07:58 පැය
61 පාබල සේනාංකයේ භටපිරිස් විසින් මාතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, අකුරැස්ස, පිටබැද්දර, අතුරලිය සහ දික්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අධික වර්ෂාවෙන් ආපදාවට පත්වූවන් සඳහා මානුෂීය සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටිති.
05th October 2023 19:58:35 පැය
55 පාබල සේනාංකයේ 552 පාබල බලසේනාව සහ 22 විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි උපාධිධාරීන්ගේ අනුග්‍රහය ඇතිව පුනරීන් විනයසෝදේ දමිළ විද්‍යාලයේ සිසුන් 100 දෙනෙකු සඳහා පාසල් පාවහන් පාසල් දරුවන්ගේ දෙමාවුපියන් සඳහා පොල් පැළ ඉකුත් සඳුදා (ඔක්තෝබර් 2) දින එම පාසල් පරිශ්‍රයේ පැවැති උත්සයකදී බෙදා දෙන ලදී.
05th October 2023 19:40:36 පැය
ලෝක ළමා දිනය වෙනුවෙන් අම්පාර, කල්මුණේ සිංහල මහා විද්‍යාලයේ ළමුන් 40 දෙනෙකු වෙනුවෙන් පාසල් පාවහන් ලබාදීමේ සහ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ උත්සවයක් පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 02) පැවැත්වීය.