Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2023 21:50:34 Hours

අවදානම් සහිත ගස් ඉවත් කිරීමට 141 බලසේනාවේ භටපිරිස් හි දායකත්වය

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට අනුව කොට්ඨාෂ 15 යටතේ සේවයේ නියුතු 141 පාබල බලසේනාවේ භටපිරිස් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 06) දින ගණේමුල්ල, හොරගොල්ල උතුර ග්‍රාම නිලධාරී වසමේ නිවසක් මතට කඩා වැටීමේ අවදානමින් පැවති ගස් කිහිපයක් කපා ඉවත්කිරීමට කටයුතු කරනු ලැබීය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ තද සුළං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස පිටුපස පිහිටි ගස් කිහිපයක පවතින අවධානම් තත්ත්වය නිසා සිය නිවාසවලට හානි සිදුවේ යැයි ප්‍රදේශවාසීන් බියෙන් කල්ගෙවූ අතර ඒ පිළිබඳ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කිරීමෙන් අනතුරුව එම අවදානම් සහගත ගස් කපා ඉවත්කිරීමට යුද්ධ හමුදාවේ සහයෝගය ඉල්ලා සිටිනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හා 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක ගේ උපදෙස් සහ 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.ජී.බී. කාරියවසම් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී හා කොට්ඨාෂ 15 හි අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.