Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාංඡනය හා ධජය

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව යන පද මාලාව සිංහල අකුරින් නෙලන ලද ලියවැලක් මත පිහිටුවා ඇති කෙලවරෙහි සිංහ ශීර්ෂයකින් අලංකෘත වූ ද සෙරපෙන්දිය නොහොත් පුරාතන මිත්‍යා කතාවන්හි එන සතත්ව විශේෂයක් හස්තාරක්ෂකය කෙළවරයෙහි ද රහස් ආරක්ෂක මණ්ඩලයෙහි සිංහයින්ගෙන් ද සමන්විත වූ දියමන්ති හා රතුකැට ඔබ්බවන ලද රන් මිටින් යුතු තුඩු මස්තකයට නෙරා එකිනෙකට හරස්වන සේ පිහිටුවා ඇති කස්තාන නොහොත් අලංකෘත අසිපත් දෙකක් මත ධර්ම චක්‍රය මුදුන්මල්කඩක් සේ තබා පලාපෙති වටයකින් මැදි වූ ශ්‍රී ලංකාවේ අභිමානවත් සිංහ රාජයා ද, සෞභාග්‍යය, විනය, ධර්මිෂ්ඨත්වය, නිත්‍යත්වය හා ස්වයංපෝෂිතභාවය පිළිබිඹු කෙරෙන වී කරලින් හා දකුණු පසින් ප්‍රභාව විහිදෙන සූර්යයාගෙන් ද වම්පසින් චන්ද්‍රයාගෙන් ද සරසා සැදුම්ලත් ශ්‍රී ලංකා ජනරජයේ වංශ ධජයය