
මෙම ‘කොළඹ ආරක්ෂක සමුළුව’ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 2011 වර්ෂයේ දී ආරම්භ කළ අතර, එය වර්තමානය වනවිට ජාතික හා කලාපීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳව විචාරය කරන සමුළුවක් බවට පත්වී ඇත. මෙම සමුළුව මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෘත්තීයවේදීත්වය හා සංවිධානය, විද්වතුන් හා සාකච්ඡාවට බඳුන්වන මහඟු තෝතැන්නක් බවට පත්වී ඇත. මෙහි ආරම්භක සමුළුව රටවල් 60 ක නියෝජිතයින් 160 කගේ සහභාගීත්වයෙන් ප්‍රථම වතාවට පැවැත්විණි. එය 2015 වර්ෂය වනවිට රටවල් 70 ක් නියෝජනය කරමින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි. සිවිල් - හමුදා සම්බන්ධතා පිළිබඳව සාකච්ඡා කිරීම මෙම ජාත්‍යන්තර සමුළුව සංවිධානය කිරීම තුලින් බලාපොරොත්තු වේ.
කොළඹ ආරක්ෂක සමුළුව - 2016 ‘මෘදු බලය සහ ගෝලීය ගැටළු කෙරෙහි එහි බලපෑම’ යන තේමාව යටතේ දෙදින සමුළුවක් ලෙස 2016 සැප්තැම්බර් මස 1 සහ 2 යන දිනයන්හි දී පවත්වනු ලැබේ. මෙහිදි ගෝලීය සබඳතා පිළිබඳව අවධානය යොමුවන අතර, එමඟින් ජාත්‍යන්තර සබඳතාවයන් වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව ද සාකච්ඡා කෙරේ. අද වනවිට ලෝක සාමය සඳහා හමුදාමය බලය, ආර්ථික බලය, සමාජ, සංස්කෘතික, දේශපාලන සාරධර්ම සහ ජාතික රාජ්‍යයන්හි විදේශ ප්‍රතිපත්ති පිළිබඳව අවබෝධයක් තිබීමේ ඇති වැදගත්කම මෙහිදී පෙන්වා දෙනු ලැබේ. මෙම සන්දර්භය තුල ‘දෘඪ බලය’ තුලින් මෘදු බලය සාක්ෂාත් කරගැනීම සිදුකරනු ලැබේ. මේ තුලින් සාමකාමී සහජීවනයෙන් යුක්තව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන් තවදුරටත් ශක්තිමක් කරගැනීම සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම භූ දේශපාලනික තත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදී සිදුවේ. මෙවැනි සැසි තුලින් ලෝකයේ ප්‍රධාන බලවතුන් අත්කරගෙන ඇති මෘදු බලය හේතුවෙන් සමකාලීන ලෝකයේ අවි ආයුධ අවශ්‍යතාවයන් හා භෞතික ගැටුම් සංඛ්‍යාව අඩුකිරීමට හැකියාව ලැබී ඇත.