04th October 2023 21:29:52 පැය
22 පාබල සේනාංකයේ 223 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් 65 දෙනෙකුට අධික පිරිසක් එක්වී පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 01) දින තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩාවේ සහ රසායනාගාර ගොඩනැගිල්ලේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට සිය දායකත්වය දැක්වූහ.
04th October 2023 21:26:29 පැය
74 වන යුද්ධ හමුදා සංවත්සරය, ජාත්‍යන්තර වැඩිහිටි හා ළමා දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 144 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 10 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් මූලිකත්වයෙන් පසුගිය ඉරිදා (ඔක්තෝම්බර් මස 01) දින බත්තරමුල්ල, නගරසභා ළමා සහ වැඩිහිටි නිවාස පරිශ්‍රයේ දී ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
04th October 2023 21:20:19 පැය
මෙම වසරේ සැප්තැම්බර් මස 27 දිනට යෙදී තිබුනු ලෝක සංචාරක දිනය වෙනුවෙන් 24 පාබල සේනාංකයේ 243 පාබල බලසේනාවේ රාජකාරියෙහි නියුතු හමුදා සාමාජිකයින් 32 දෙදෙනෙකුගේ කණ්ඩායමක් එක්ව කල්ලඩි වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වනු ලැබූහ.
03rd October 2023 21:12:45 පැය
ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් 68 පාබල සේනාංකයේ සම්බන්ධීකරණයෙන් වල්ලිපුනම් පුදුකුඩිඉරිප්පු අන්ධ බිහිරි ළමා නිවාසයේ දරුවන් වෙනුවෙන් 2023 ඔක්තෝම්බර් මස 01 දින විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී.
03rd October 2023 20:46:59 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකය යටතේ පාලනය වන 141 පාබල බලසේනාවට අයත් 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ඔක්තෝබර් 1 වෙනිදාට යෙදි තිබු ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් ඉකුත් ඉරිදා (ඔක්තෝම්බර් 1) දින යක්කල, පීටර් වීරසේකර ළමා නිවාස හා පෝෂණ මධ්‍යස්ථානයේ දී ළමුන් 33 දෙනෙකු සඳහා විශේෂ විනෝදාස්වාද වැඩසටහනක් සංවිධානය කරන ලදී.
02nd October 2023 23:29:27 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයේ 243 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ලෝක ළමා දිනය වෙනුවෙන් මඩකලපුව ප්‍රදේශයේ ළමුන් සඳහා මඩකලපුව, ප්‍රදීපාගාර පරිශ්‍රයේදී උත්සවයක් සංවිධානය කරන ලදී.
02nd October 2023 23:28:07 පැය
යාපනය ප්‍රදේශයේ දරුවන්ට නව අත්දැකීමක් ලබාදීමේ අරමුණින් සහ ලෝක ළමා දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 523 පාබල බලසේනාවේ භටපිරිස් විසින් යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ ‘ලක්දරු පෙර පාසලේ’ ළමුන් සඳහා විනෝද චාරිකාවක් පසුගිය සැප්තැම්බර් මස 29 සහ 30 යන දිනයන්හිදී සංවිධානය කරන ලදී.
02nd October 2023 23:20:22 පැය
ලෝක වැඩිහිටි දිනයට සමගාමීව 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භටපිරිස් මූලිකත්වයෙන් විදුලිපුර, චන්ද්‍රා විජේරත්න වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පසුගිය ඉරිදා (ඔක්තෝම්බර් මස 01) දින ලබාදෙන ලදී.
02nd October 2023 23:16:51 පැය
ඉංජිනේරු සේවා බලකායේ රාජකාරියෙහි නියුතු භටපිරිස්හි පවුල් වල අධ්‍යාපනය ලබන 2023 වර්ෂයේදී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට නියමිත 5 ශ්‍රේණියේ ළමුන් සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල බෙදාදීමේ වැඩසටහනක් එම බලකායේ භටපිරිස් විසින් පසුගියදා පවත්වනු ලැබීය.
01st October 2023 19:16:56 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 23 ගැමුණු හේවා බලකායේ භටපිරිස් මූලිකත්වයෙන් පසුගිය බදාදා (සැප්තැම්බර් මස 27) දින මුහමලෛයි, ඉලනාත්රේන්දාල පෙර පාසලේ අධ්‍යාපනය ලබන එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල දරු දැරියන් 14 දෙනෙකු වෙත පෝෂ්‍යදායි දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.