2023-12-12 18:19:33
විශේෂ බලකායේ 27 වන රෙජිමේන්තු දිනයට සමගාමීව විශේෂ බලකා රෙජිමේන්තුවේ ‘ප්‍රවීණයන්ගේ සුහද හමුව’ නාඋල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේදී 2023 දෙසැම්බර් මස 9 සිට 10 දින දක්වා පැවැත්විණි.
2023-05-22 09:55:49
ගජබා රෙජිමේන්තු ප්‍රවීණයන්ගේ සංගමයේ වාර්ෂික මහසභා රැස්වීම පසුගිය ඉරිදා (26) දින බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ‘අපේ ගම’ පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවට අභිමානයක් ලබාදුන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ.
2023-05-22 09:46:06
රණවිරු සේවා අධ්‍යක්‍ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව, දිවයින පුරා පරිපාලන දිස්ත්‍රික් 22 ක ස්ථාපිත ‘රණවිරු’ සංගම් සම්බන්ධිකාරක නිලධාරීන් ඇතුළු එම ප්‍රදේශයන්හි සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන් සහ ආරක්‍ෂක සේනා මුලස්ථාන නියෝජනය කරමින් නිලධාරින් 100 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අද (18) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ. මෙම හමුවේදී, ගෞරවණීය ලෙස සමාජ පිළිගැනීම පවත්වා ගෙන යන ලෙසත් විවිධ සමාජ විරෝධි ක්‍රියාවන්ට දායක නොවී ජාතික ආර්ථිකයට සිය දායකත්වය ලබාදෙමින් හමුදාවේ අභිවෘද්ධිය සඳහා ඔවුන්ගේ සහයෝගය දක්වන ලෙසත් යුද්ධ හමුදාධිපතිතුමන් ඉල්ලා සිටියේය.
2017-11-21 10:21:27
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පොපි දින අනුස්මරණ උත්සවය අද (11) දින උදෑසන කොළඹ 07, විහාරමහා දේවි උද්‍යානයේ දී පැවැත්විණ.
2017-08-08 17:25:58
1992 අගෝස්තු මස 08 වන දින යාපනය, කයිට්ස් ප්‍රදේශයේ අරාලී තුඩුවේදි එල්.ටී.ටී.ඊ ය විසින් අටවන ලද බිම්බෝම්බයකට හසුවිමෙන් දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන්ගේ සහ අනෙකුත් විරුවන්ගේ 25 වන ගුණ සැමරුම සඳුදා (7) සහ අඟහරුවාදා (8) දින පවත්වනු ලැබීය.
2017-08-08 17:11:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ 25වන ගුණ සැමරුම් උත්සවය ඉරිදා (06) දින අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
2017-06-05 10:09:28
2017-03-28 19:59:06
ගැමුණු හේවා බලකා සේවා මුක්ත භට සංගමයේ (GWESRA) වාර්ෂික මහ සභා රැස්විම ඉරිදා (16) දින විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2017-01-23 10:47:55
ප්‍රතිසංස්කරණය කරන ලද කොටස විවෘත කිරීමෙන් අනතුරුව, නවතමයෙන් ඉදිකරණ ලද නිවහන් 04 විවෘත කිරීම සඳහා ද ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආරාධනා කරන ලදි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සිය උපරිම දායකත්වය ලබාදුන් 7 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී ඇතුලු එම භට පිරිස් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
2017-01-04 18:42:12
තම දැය සහ යුද හමුදාව වෙනුවෙන් වසර 30 ක සේවා කාලයක රාජකාරියේ නිරතව සිටි මියගිය විශ්‍රාමික බ්‍රිගේඩියර් කේ.ජේ.එන් සේනවීර ආර්එස්පී යූඑස්පී එල්ඩීඑම්සීගේ අවසන් කටයුතු බදාදා (4) දින බොරැල්ල පොදු සුසාන භූමියේදී විශාල යුද හමුදා සහ සිවිල් පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වනු ලැබීය.