Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th October 2023 17:19:30 Hours

232 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන සිසු සිසුවියන් වෙනුවෙන් සම්මන්ත්‍රණයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 232 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින සිසු සිසුවියන් වෙනුවෙන් 2023 ඔක්තෝබර් මස 07 සහ 08 දෙදින තුළ සම්මන්ත්‍රණයක් පැවැත්වීය. 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ පැවති මෙම වැඩසටහන තිහිලිවෙඩ්ඩි රජයේ දමිළ මිශ්‍ර පාසල සහ කල්කුඩා එරලක්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයන්හිදී පැවැත්විණි.

මෙම සම්මන්ත්‍රණයේ දේශනයන් කල්කුඩා කලාප අධ්‍යාපන කාර්යාලයේ ඒ. කනගරත්නම් මහත්මිය සහ එම්. අරුලෙන්දරම් මහත්මිය විසින් පැවැත්වූ අතර ඒ සඳහා කල්කුඩා ප්‍රදේශයේ පාසල් 18 ක අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 119 දෙනෙක් මෙම සම්මන්ත්‍රණයන් සඳහා සහභාගී වූහ. 232 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන් විසින් මෙම වැඩසටහනේ අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ගුරු භවතුන් සහ දෙමාපියන් ද එම වැඩසටහන් සඳහා සහභාගි වූහ.