2025-06-15 10:16:29
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අයේෂා ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව විසින් 2025 ජුනි මස 10 දින පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානය අසලදී කිරි තේ පැන් සහ අයිස්ක්‍රීම් දන්සලක් පවත්වන ලදී.
2025-06-15 06:55:40
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 ජුනි මස 06 දින ධර්ම දේශනාවක් පැවැත්විණි.
2025-06-14 18:15:02
පොසොන් පොහෝ දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 2025 ජුනි මස 10 දින කොළඹ, යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2025-06-13 19:11:03
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හංසිකා මහලේකම් මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් හා විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ භටපිරිස් ඒකාබද්ධව 2025 ජුනි මස 10 දින ‘නිලරඹ’ අවන්හල් පරිශ්‍රයේදී කඩල සහ කිරි තේ පැන් දන්සලක් පැවැත්වීය.
2025-06-13 19:04:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි අබේසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 ජුනි මස 11 දින බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී කඩල දන්සලක් පවත්වන ලදී.
2025-06-13 14:32:13
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි RWP USP මඟපෙන්වීම මත සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ අධීක්ෂණය යටතේ 2025 ජුනි මස 09 දින එම රෙජිමේන්තුවේ භටපිරිස් සහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟ එක්ව, අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල සිනි සම්බල් බනිස් සහ කිරි කෝපි දන්සලක් පවත්වන ලදී.
2025-06-12 08:33:57
පොසොන් පොහොය දිනට සමගාමීව, විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දමයන්ති බණ්ඩාරනායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව විසින් කොළඹ, යුද්ධ හමුදා රෝහලට රෝද පුටු 10 ක් ප්‍රථිකාර ලබන සෙබළුන්ගේ භාවිතය සඳහා 2025 ජුනි මස 7 දින පරිත්‍යාග කරන ලදී.
2025-06-12 08:28:37
පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ මඟපෙන්වීම යටතේ, 2025 ජුනි මස 06 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2025-06-06 13:06:16
සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2025 මැයි මස 31 දින අම්බලන්ගොඩ, වරුසවිතාන වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මාසික දානමය වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා මනෝරි රණවීර මහත්මිය සිය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය.
2025-06-05 15:16:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව හා 4 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය එ්කාබද්ධව 2025 මැයි මස 31 දින පුත්තූර් ප්‍රදේශයේ පිහිටි ශාන්ත ලූක් වැඩිහිටි නිවාසයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.