29th September 2023 16:02:28 පැය
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාම දින සැමරුම් උත්සවය වෙනුවෙන් විශ්ව සාම සම්මේලනය මගින් පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 21) දින මුලතිව් නගර ශාලා ගොඩනැගිල්ලේ දී උත්සවයක් සංවිධානය කරනු ලැබූ අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිතයින් වශයෙන් ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය ගරු කේ.කේ මස්තාන් සහ ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී වූහ.
26th September 2023 22:00:28 පැය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි 21 පාබල සේනාංකය සහ 211 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් 2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන 5 ශ්‍රේණියේ සිසුන් 500 කට අධික පිරිසකට ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල බෙදාදුන්හ.
26th September 2023 08:10:22 පැය
ඉරල්කුලම් ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සහ සිසු සිසුවියන්ගේ ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳ සලකා බලමින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 232 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 12 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සැප්තැම්බර් මස 23 දින ඉරල්කුලම් රජයේ මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී අනුග්‍රාහක භවතුන් ගේ සහයෝගය මත පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
25th September 2023 07:10:14 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 511 පාබල බලසේනාවේ භටපිරිස් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත පුත්තූර් ප්‍රදේශයේ පිහිටි මඩිහේ පඤ්ඤාසීහ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 48 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 19) දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී, එක් සිසුවෙකු සඳහා රුපියල් 5000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පාර්සලය බැගින් පරිත්‍යාග කෙරිණි.
22nd September 2023 20:20:32 පැය
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන ආර්ථික අපහසුතා...
22nd September 2023 20:05:03 පැය
‘Best wishes Foundation-Malaysia’ සංවිධානයේ උපදේශක සහ සම්බන්ධීකාරක පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි වෙතින් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල සිසු සිසුවියන් 500 වෙත පාසල් උපකරණ සහ ගර්භනී කාන්තාවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු රුපියල් මිලියන 2.7 ක වටිනාකමකින් යුත් පරිත්‍යාග වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 21) දින වවුනියාව සංස්කෘතික ශාලාවේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
21st September 2023 22:19:32 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය, තාක්ෂණික හා ඉංජිනේරු දැනුම යොදාගනිමින් ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් ‘එවරස්ට්’ ක්‍රීඩා සමාජයේ අනුග්‍රහකත්වය මත නව නිවසක් ඉදිකරනු ලැබීය.
21st September 2023 22:06:20 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පේදුරුතුඩුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින සිදුකරනු ලැබීය.
21st September 2023 21:57:00 පැය
මුහමාලේ මරියමාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පෙර එම දේවස්ථානය පිරිසිදු කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් සංවිධානය කරනු ලැබු ශ්‍රමදාන වැඩසටහනක් සඳහා 23 ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 15) දින සිය සහයෝගය දැක්වූහ.
20th September 2023 21:28:26 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මස 12 දින ප්‍රජා මූලික වැඩසටහන් මාලාවක් පැවැත්විය.