ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලොව ප්‍රමුඛ පෙළේ හමුදාවන් අතරින් අත්දැකීම් බහුල, මනා පුහුණුවක් ඇති, විශිෂ්ඨ හමුදාවකි. මෙහිදී ඔවුන් භූමිය අභ්‍යන්තර හා භාහිර තර්ජන වලින් ආරක්ෂා කිරීම, විදේශීය මෙහෙයුම් සඳහා සහයෝගය දැක්වීම, ආපදා අවස්ථාවන්වලදී සහන සැපයීම සහ ඕනෑම අවස්ථාවක මාතෘ භූමිය වෙනුවෙන් තම රාජකාරිය ඉටු කිරීම අපගේ අනාගත දැක්ම වේ.
ශ්‍රී ලංකාව සහ රටෙහි ජනතාව ආරක්ෂා කිරීම අපගේ වගකීමක් වේ.
නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමඟ එක්ව අපගේ ජනතාව, ජාතිය, ජීවන ක්‍රමය ආරක්ෂා කිරීම යුද්ධ හමුදාව වන අපගේ වගකීමයි. ධෛර්යය, ශක්තිය සහ කණ්ඩායම් මත යැපෙන යුද්ධ හමුදාව නවීන අවි ආයුධ වාහන සහ යුද තාක්ෂණය සමඟ ඒකාබද්ධව පවතී.
ප්‍රජා සත්කාර සහ ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා සහාය ලබාදිම.
අපගේ ජාතිය ආරක්ෂා කිරීම මෙන්ම ශ්‍රී ලංකාව සහ විදේශිය මෙහෙයුම් සඳහා සහාය ලබාදීම.
ජාත්‍යන්තර ආරක්ෂාව සහ ප්‍රතිත්‍රස්තවාදී තර්ජනයන් සඳහා සහාය සැලසිම.
නීති විරෝධි ක්‍රියාකාරකම් හා ආක්‍රමණ වලින් අපගේ දේශය ආරක්ෂා කිරීම.
මානුෂිය හා සාමසාධක හමුදාවලට මෙහෙයුම් සහාය ලබාදීම සහ ස්වභාවික ව්‍යසනයන්හිදී පිඩාවට පත් ප්‍රජාවට උපකාර ලබාදීම.