20th September 2023 21:16:24 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින පොදු ජනතාව අතර ප්‍රසිද්ධ, ඇල්ල - බණ්ඩාරවෙල මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය ලබාදුන්හ. ‘ශ්‍රද්ධා’ රූපවාහිනි නාලිකාවේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ සහයෝගය ද හිමිවිය.
20th September 2023 21:12:34 පැය
23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 7 ගැමුණු හේවා බලකායේ බලඇණි දිනය වෙනුවෙන් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින මඩකලපුව දිස්ත්‍රික්කයේ කදිරවේලි ප්‍රදේශයේ පිහිටි තිලකාවතියර් බාලිකා නිවාසයේ නේවාසික දැරියන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
19th September 2023 17:34:01 පැය
කොටහේන, ශ්‍රී පරමානන්ද පුරාණ විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 15) දින පැවැත්වූ අතර, එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කරනු ලැබූ ඉල්ලීමකට අනුව පෙරහැර පැවැත්වීමට ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් දායකත්වය ලබා දෙන ලදී.
17th September 2023 20:21:45 පැය
1 බලකාය යටතේ ස්ථාපිත 53 පාබල සේනාංකයේ 533 පාබල බලසේනාවේ භටපිරිස් විසින් අනුරාධපුර, ගන්තිරියගම, මහින්ද මහා විද්‍යාලයේ පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා එම විද්‍යාලයීය පුස්ථකාලය වෙත පොත් ප්රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින එම විද්‍යාලයේදී පැවැත්විණි.
15th September 2023 18:21:57 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මගින් සංවිධානය කරන ලද ජංගම වෛද්‍ය සායනයක් වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 13) දින පැවති අතර, ඒ සඳහා සිවිල් වැසියන් 500 කට අධික පිරිසක් වෙත නොමිලේ වෛද්‍ය උපදේශන සේවා, වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ ලබාදීම සිදුකරනු ලැබීය.
14th September 2023 20:07:00 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් මත් ද්‍රව්‍ය හා මත් ද්‍රව්‍ය භාවිතයේ අතුරු ප්‍රථිපල පිළිබඳව සිසුන් සහ සිවිල් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා දින (සැප්තම්බර් 12) කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලය පරිශ්‍රයේදී පවත්වන ලදී.
13th September 2023 08:23:09 පැය
දිවයිනේ ‘දෙවන පොල් ත්‍රිකෝණය’ ස්ථාපනය කිරීමේ අරමුණින්...
13th September 2023 08:17:53 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල...
11th September 2023 19:46:23 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය...
11th September 2023 19:40:13 පැය
යාපනය අර්ධද්වීපයේ උඩුවිල් ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් 51 පාබල සේනාංකයේ භටපිරිස් විසින් වියළි ආහාර සලාක පාර්සල් 50 ක් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. විදේශගතව සිටින මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත පසුගිය බදාදා (සැප්තැම්බර් මස 6) දින මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණී.