30th October 2023 22:04:32 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් විසින් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුල් 05 ක් සඳහා රු.5000.00 වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් පසුගිය බදාදා (ඔක්තෝබර් මස 25) දින බෙදාදෙන ලදී.
30th October 2023 22:02:09 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ 231 පාබල බලසේනාවේ 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මූලිකත්වයෙන් කදුරුවෙල නගරාශ්‍රිතව ඩෙංගු මර්දන සහ ශ්‍රමධාන වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 24) දින සංවිධානය කරන ලදී.
30th October 2023 21:59:32 පැය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනාවේ භටපිරිස් විසින් යාපනය, සත්කොටේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (ඔක්තෝම්බර් මස 27) දින පවත්වන ලදී.
27th October 2023 08:38:02 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් යාපනය අර්ධද්වීපයේ පිහිටි උදයසෝරියන් උද්‍යාන ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 21) දින ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
26th October 2023 07:03:42 පැය
මාතර ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූ ප්‍රදේශවාසීන් වෙත සහන සැලසීමේ අරමුණින් 61 පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය බදාදා (ඔක්තෝබර් මස 24) දින ඔවුන්ට අවැසි ප්‍රවාහන පහසුකම් සලසාදෙනු ලැබීය.
24th October 2023 10:31:16 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ භටපිරිස්හි මූලිකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ සිවිල් - හමුදා සහයෝගීතාවය සහ තරුණ ප්‍රජාවගේ ක්‍රීඩා කුසලතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් යෝගපුරම් බාලිකා වොලිබෝල් කණ්ඩායම සහ 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා වොලිබෝල් කණ්ඩායම අතර වොලිබෝල් තරඟයක් එම සේනාංක මූලස්ථානයේ CIMIC උද්‍යාන ක්‍රීඩා පිටියේදී පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 17) දින පවත්වන ලදී.
24th October 2023 10:26:13 පැය
යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් 51 පාබල සේනාංකය විසින් ආරම්භ කරනු ලැබූ ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාවේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් පසුගිය සිකුරාදා (ඔක්තෝම්බර් මස 20) දින පාඨමාලාව පැවැත්වෙන පරිශ්‍රයේ සංචාරයක නිරත වූ අතර එහිදී, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී එම පාඨමාලාවේ නිරත සිසු සිසුවියන්, ගුරු භවතුන් සහ එම සිසු සිසුවියන්ගේ දෙමාපියන් සමඟ සුහද පිළිසඳරක නිරතවිය.
21st October 2023 07:21:44 පැය
යුද්ධ හමුදාව වෙත සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ 10 ගජබා රෙජිමේන්තුව හා 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව ඉදිකර දෙනු ලැබූ නව නිවාස හතරක් එහි ප්‍රතිලාභීන් වෙත ප්රදානය කිරීමේ උත්සවය පසුගිය අඟහරුවාදා (ඔක්තෝම්බර් මස 17) දින මහනුවර, අරුප්පල ප්‍රදේශයේ දී සිදු කරන ලදී.
20th October 2023 07:45:38 පැය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බොරලැස්ගමුව වැව පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 සැප්තැම්බර් මස 11 දින සිට ඔක්තෝබර් මස 12 දින දක්වා සිදුකරනු ලැබීය.
18th October 2023 21:41:29 පැය
පසුගිය දිනවල ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තලකිරියාගම රජමහා වැවෙහි දකුණු ඉවුරු බැම්ම ගිලා බැසීම නිසා එම ස්ථානයෙන් වැව් බැම්ම කැඩී යාමේ අවධානමකට ලක් විය. ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 15) දින කඩිනමින් ක්‍රියාත්මක වී වැලි කොට්ට යොදා ගනිමින් වැව් බැම්ම ආරක්ෂා කිරීමට කටයුතු කළහ.