17th February 2023 21:32:38 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයට අයත් 613 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 3 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2023 පෙබරවාරි මස 15 දින කඹුරුගමුව ප්‍රාදේශීය රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.
16th February 2023 20:10:00 පැය
දිවංගත ලාන්ස් කෝප්රල් ඩී.ජී.අයි. මධුශංක ගේ 15 වන ගුණ සමරුව වෙනුවෙන් එම වීරෝදාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයන් විසින් 2023 පෙබරවාරි මස 08 දින කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල - 2’ හි නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ආයුර්වේද උපකරණ පරිත්‍යාග කර ප්‍රණීත තේ පැන් සංග්‍රහයක් පිරිනැමීමේ සමාජසත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
16th February 2023 20:05:26 පැය
මහනුවර මහකන්ද, වටගොඩ කඳුකර ප්‍රදේශයේ ඉකුත් අඟහරුවාදා (14) දින සවස හටගත් ලැව් ගින්නක් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යමට අයත් 11 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 111 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිසක් විසින් නිවා දැමීමට කටයුතු කරන ලදී.
16th February 2023 20:00:57 පැය
කොළඹ යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ හා නඩත්තු අධ්යක්ෂ මණ්ඩලය, නාරාහේන්පිට මහජන බැංකු ශාඛාව සමඟ ඒකාබද්ධව ජාතික නිදහස් දින සැමරුම සනිටුහන් කරමින් 2023 ජනවාරි මස 01 දින සිට පෙබරවාරි මස 14 දින දක්වා කාලය තුළ බිළිඳුන් ප්‍රසූත කළ මව්වරුන් සඳහා මුදල් සහ ත්‍යාග පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
13th February 2023 20:50:25 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා - ජපාන නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික මධ්‍යස්ථානය නියෝජනය කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අනුග්‍රාහකත්වය මත මුලතිව් සහ ඒ අවට ප්‍රදේශවල තෝරාගත් සිසු සිසුවියන් 28 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහනක් ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ සහභාගීත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (9) දින සිදුකෙරිණි.
13th February 2023 20:40:25 පැය
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු මදුරුවන් බෝවීම මර්ධනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රාදේශීය නගර සභා සේවකයින් සහ සිවිල් වැසියන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව යුද්ධ හමුදා භටපිරිස් විසින් දීපව්‍යාප්ත ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයක් සංවිධානය කරනු ලැබීය.
12th February 2023 11:16:06 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ව්‍යාපාරික ආයතනයක් මගින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත සූරියවැව හත්පෝරුව ද්විතීයික විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසු සිසුවියන් 320 දෙනෙකු සඳහා රු.1600.00ක වටිනාකමකින් යුත් අධ්‍යාපනික පාසල් උපකරණ පාර්සල් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය ඉරිදා (05) දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී.
12th February 2023 11:00:06 පැය
සාලියපුර ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ‘බ්ලූමින්ග් වින්ග්ස් ක්‍රියේටිව් ආර්ට් සෙන්ටර්’ (Blooming Wings Creative Art Center) ආයතනයෙහි අධ්‍යක්ෂිකා සැන්ඩි උපේක්ෂා මෙනවියගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ඉපලෝගම රණජයපුර විද්‍යාලයේ සහ සේනපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසු සිසුවින් 60 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගියදා සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංවිධානය කරනු ලැබීය.
12th February 2023 10:30:06 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයේ 553 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 10(සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් හි ශ්‍රම දායකත්වයෙන් නාගතම්පිරාන් කෝවිලෙහි පූජකතුමන්ගේ ඉල්ලීමකට අනුව එම කෝවිල වෙත පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (09) දින සිදුකරනු ලැබූහ.
10th February 2023 10:32:05 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මාන්කුලම් යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ නේවාසිකව සිටින ළමුන් 40 දෙනෙකු සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දීමේ සමාජ වැඩසටහනක් පසුගිය බදාදා (08) දින ක්‍රියාත්මක කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් සහභාගී විය.