2025-06-02 15:32:34
2025 මැයි මස 27 දින සිට 31 දින දක්වා දකුණු කොරියාවේ ගුමි හි පැවති 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දස්කම් දැක්වූහ.
2025-05-28 17:36:37
‘ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය’ 2025 මැයි මස 28 දින පැවති අතර එම තරඟාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේදී තත්පර 45.55 ක කාලයක් වාර්තා කළ බළලත් නිලධාරි II කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රි ලංකාවට අභිමානයක් එක්කරදීමට සමත්විය.
2025-05-24 10:05:46
වැලිසර, නාවික හමුදා මූලස්ථානයේ 2025 මැයි මස 14 දින සිට 18 දින දක්වා පැවති 13 වන ආරක්ෂක සේවා බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ලුතිනන් කර්නල් යූ.වී චමින්ද පුෂ්පසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරි රන් පදක්කම් දෙකක් හිමිකර ගත්තේය. එම ජ්‍යෙෂ්ඨ නිලධාරි පිරිමි ඒකල සහ පිරිමි යුවල (අවුරුදු 50 ට වැඩි) කාණ්ඩවලින් ජයග්‍රහණ හිමිකරගන්නා ලදී.
2025-05-19 09:12:51
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද 13 වන ආරක්ෂක සේවා පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය 2025 අප්‍රේල් මස 11 දින වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2025-05-01 20:51:15
2025 අප්‍රේල් මස 09 දින සිට අප්‍රේල් මස 30 දින දක්වා පැවති 13 වන ආරක්ෂක සේවා රග්බි ශූරතාවලිය යුද්ධ, නාවික සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර, එහි ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි රග්බි කණ්ඩායම සමත් වූහ.
2025-04-13 22:28:59
යුද්ධ හමුදා පාපන්දු කමිටුව වෙතින් සංවිධානය කරන ලද ‘අන්තර් රෙජිමේන්තු පිරිමි සෙපැක්ටැක්රෝ ශූරතාවලිය - 2025’ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 මාර්තු මස 07 දින රෙජිමේන්තු 13 ක සහභාගිත්වයෙන් පැවැත්විණි. රෙජිමේන්තු 13 ක කණ්ඩායම් අතර පැවති තියුණු තරඟාවලියකින් අනතුරුව විජයබාහු පාබල රෙජිමේන්තු සෙපැක්ටැක්රෝ කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සෙපැක්ටැක්රෝ කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීය. ඒ අනුව අවසන් මහා තරඟයේදී, 02 ට 00 ක් ලෙස විජයබාහු පාබල රෙජිමේන්තු සෙපැක්ටැක්රෝ කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය දිනාගන්නා ලදී.
2025-04-04 14:53:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP ගේ අධීක්ෂණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ 13 වන ආරක්ෂක සේවා මාර්ග ධාවන තරඟය - 2024/2025 පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී 2025 මාර්තු මස 23 දින පැවැත්විණි.
2025-03-19 16:03:18
13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළලේ ඔරු පැදීමේ ශූරතාවලිය 2025 පෙබරවාරි මස 24 සහ 25 දෙදින තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුව විසින් දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී.
2025-03-19 11:05:06
ලොව පුරා සිටින විශිෂ්ඨ දක්ෂතා දැක්වූ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ජවන හා පිටිය ඉසව් රැසකින් සමන්විත ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරඟාවලිය 2025 මාර්තු මස 12 දින ඉන්දියාවේ, නවදිල්ලි නුවරදී පැවැත්විණි.
2025-03-13 09:51:47
යුද්ධ හමුදා පාපන්දු කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ ‘2025 අන්තර් රෙජිමේන්තු පිරිමි සෙපැක්ටැක්රෝ ශූරතාවලිය’ 2025 මාර්තු මස 07 දින පනාගොඩ, ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී රෙජිමේන්තු 13 ක සහභාගිත්වයෙන් පැවැත්විණි.