22nd January 2024 20:20:30 පැය
ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර භටපිරිස් විසින් අරලගංවිල
22nd January 2024 20:00:48 පැය
මව්බිම වෙනුවෙන් දිවිපිදූ 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් එම ඒකකයේ භටපිරිස් විසින් පසුගිය බදාදා (ජනවාරි මස 17) දින සේරුවාවිල ප්‍රදේශයේ පිහිටි ‘සහන සෙවන’ පුනරුත්ථාපන සහ පුහුණු මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රථිකාර ලබන ආබාධිත පුද්ගලයින් වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූහ.
22nd January 2024 19:56:57 පැය
12 පාබල සේනාංකයේ භටපිරිස් ජනවාරි මස 20 සහ 21 දෙදින තුළ ‘ශාසනාලෝක රජමහා විහාරස්ථාන’ පරිශ්‍රයේ පැවැත්විමට නියමිත ආගමික උත්සවයන් පැවැත්වීමට ප්‍රථම එම විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.
19th January 2024 15:24:21 පැය
112 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් විසින් බදුල්ල ‘උදය ළමා නිවාසයේ’ නේවාසික ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් පසුගිය බදාදා (ජනවාරි 17) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
17th January 2024 19:46:43 පැය
අධික වර්ෂාපතනය හේතුවෙන් නයිනකාඩු වාරි ඇළ පිටාර ගැලීම නවතාලමින් එම අමුණෙහි සිර වූ දැව කොටස් ඉවත් කිරීම පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 11) දින 241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් සිදුකරන ලදී.
17th January 2024 19:42:39 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අංගම්පොර කමිටුව මඟින් 1 බලකාය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් සඳහා මසක කාලසීමාවක ‘අංගම්පොර’ සටන් කලා පුහුණු පාඨමාලාවක් ආරම්භ කරනු ලැබීය. මෙම සටන් කලා පුහුණු පාඨමාලාව එම ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වේ.
17th January 2024 19:33:42 පැය
221, 222 සහ 223 පාබල බලසේනා බලප්‍රදේශයන්හි පදිංචි නිවාස අවශ්‍යතා සහිත පවුල් තුනක් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත නව නිවාස සඳහා මුල්ගල් තැබීමේ උත්සව 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ජනවාරි මස 11,12 සහ 15 යන දිනයන්හිදී පැවැත්විණි.
16th January 2024 20:32:35 පැය
දිවයින පුරා රජයේ රෝහල්වල
16th January 2024 20:30:01 පැය
අධික වර්ෂාපතනය හේතුවෙන් ඔලුවිල් ප්‍රදේශයට නුදුරින් පිහිටි ගල්ඔය ජලාශය පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පිරිස් වෙත 24 පාබල සේනාංකයේ භටපිරිස් සහන සේවා සැපයීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් ඔලුවිල් - දීඝවාපිය සහ ගල්ඔය - පරගහකැලේ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ද අඩාල විය.
16th January 2024 20:24:10 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ 22 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය සිංහ සමාජය සමඟින් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත සිවිල් වැසියන් සඳහා අක්ෂි වෛද්‍ය සායනයක් 22 පාබල සේනාංක මූලස්ථානයේදී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 13) දින සංවිධානය කරන ලදී. එහිදී, BMI හා රුධිරයේ ග්ලූකෝස් පරීක්ෂාව සිදුකිරීම සහ රුධිර පරිත්‍යාග වැඩසටහනක්ද පවත්වනු ලැබීය.