Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2024 20:30:01 Hours

ගල් ඔය පිටාර ගැලීම වැළැක්වීමට 24 පාබල සේනාංයේ භටපිරිස් කටයුතු කරයි

අධික වර්ෂාපතනය හේතුවෙන් ඔලුවිල් ප්‍රදේශයට නුදුරින් පිහිටි ගල්ඔය ජලාශය පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පිරිස් වෙත 24 පාබල සේනාංකයේ භටපිරිස් සහන සේවා සැපයීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් ඔලුවිල් - දීඝවාපිය සහ ගල්ඔය - පරගහකැලේ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ද අඩාල විය.

ගල්ඔය ජලාශයේ ජල මට්ටම තවදුරටත් ඉහල යාමෙන් ඇතිවිය හැකි පිටාර ගැලීම වැළැක්වීම සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත භටපිරිස් ජලාශයේ අවධානම් ස්ථානයන්හි වැලි කොට්ට අතුරා පිටාර ගැලීමෙන් සිදුවිය අනතුරු වැළැක්වීමට කටයුතු කරනු ලැබීය. මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය සඳහා සිවිල් වැසියන්ගේ දායකත්වය හිමිවූ අතර ඔලුවිල්, වීරයාඩි වාරිමාර්ග කාර්යාලයේ වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ උපදෙස් ද ඒ සඳහා ලැබිණි.

සයින්දමරදු, නින්දවුර් සහ අක්කරෙයිපත්තු යන ප්‍රදේශවලට ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ මිදිඳුපුර ප්‍රදේශයේ ඇතුම් ස්ථානයන්හි පාංශු ඛාදනය වීම හේතුවෙන් නල මාර්ගය නිරාවරණය වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සමඟ 24 පාබල සේනාංකයේ භටපිරිස් එක්ව නල මාර්ගය මත වැලි කොට්ට අතුරන ලදී.