08th February 2024 18:49:56 පැය
541 පාබල බලසේනාවේ භටපිරිස් කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ සංග්‍රාමික පුහුණු පාසල සමඟ එක්ව ඊච්චලවක රජයේ දමිළ මිශ්‍ර පාසලේ සහ පෙරියමඩු මහා විද්‍යාලයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත පාසල් සිසු සිසුවියන් 253 දෙනෙකු වෙත පාසල් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 පෙබරවාරි මස 07 දින පෙරියම්ඩු මහා විද්‍යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
07th February 2024 11:50:24 පැය
2 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පාසල් පාවහන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් කිලිනොච්චිය, ජයපුරම් මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 20) දින පවත්වන ලදී. එම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 552 පබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එස්.එස් රදලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගි වූහ.
07th February 2024 11:44:35 පැය
4 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කමල් හරිශ්චන්ද්‍ර මහතා සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අනුග්‍රාහකත්වය මත අනුරාධපුර, ‘සිඟිති අරුණළු’ පෙර පාසලේ අධ්‍යාපනය ලබන අඩුආදායම් ලාභී පවුල්වල ළමුන් 07දෙනෙකු සඳහා රුපියල් 80,000.00 වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 03) දින සිදුකරන ලදී.
07th February 2024 11:40:52 පැය
1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සහ කඩ්ඩෙයිකාඩු ප්‍රදේශයේ සිවිල් ප්‍රජාව සමඟ එක්ව කඩ්ඩෙයිකාඩු වෙරල තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (පෙබරවාරි මස 04 ) දින පවත්වන ලදී.
07th February 2024 11:38:53 පැය
9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් ත්‍රිකුණාමලය, සෝමපුර සෝමාදේවි විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය අඟහරුවාදා ( පෙබරවාරි මස 01) දින පවත්වන ලදී. ඒ සඳහා පාසල් ලමුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන්ගේ ද සහයෝග හිමිවූහ.
06th February 2024 15:33:10 පැය
76 වන නිදහස් දිනයට සමගාමීව 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 523 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (පෙබරවාරි මස 04 ) දින 7 විජයබාහු පාබල රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේදී රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
06th February 2024 15:27:45 පැය
19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 6 දෙනෙකුගේ සහාය ඇතිව කන්දෙයාය මෙත්තාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දියදොර මෙත්තානන්ද හිමියන් ප්රමුඛ මහා සංඝරත්නයේ 16 නමක් පසුගිය බදාදා (ජනවාරි මස 31 ) දින ශ්‍රී පාදස්ථාන පුදබිම වෙත ආරක්ෂිතව වැඩම කරවන ලදී.
06th February 2024 09:15:31 පැය
582 පාබල බලසේනාවේ භටපිරිස්හි සහය ඇතිව හොරණ, වවුලගල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභී පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 50 දෙනෙකු වෙත සහ එම බලසේනාවේ රාජකාරියෙහි නියුතු හමුදා සහ සිවිල් සේවක සාමාජිකයන්ගේ පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 50 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ සුභසාධන වැඩසටහනක් 582 පාබල බලසේනා පරිශ්‍රයේදී පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 25) දින ක්‍රියාත්මක කරනු ලැබූහ.
05th February 2024 17:25:36 පැය
68 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් සඳහා කෑම මේස සහ වියළි ආහාර සලාක පාර්සල් ප්රදානය කිරීමේ වැඩසටහනක් 3 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු පරිශ්‍රයේදී පසුගිය සඳුදා (ජනවාරි මස 30) දින සංවිධානය කරන ලදී.
05th February 2024 17:23:41 පැය
12 පාබල සේනාංකයේ 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හදපාන්ගල, ‘මෙත් සේවා පදනම’ විසින් විශේෂ අවශ්‍යතා සහිත අයවළුන් සඳහා පවත්වාගෙන යනු ලබන වැල්ලවාය, හදපාන්ගල ‘මෙත් සේවා’ නිවාසයෙහි, නේවාසිකව සිටින අයවළුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 30) දින පිරිනමන ලදී.