16th January 2024 20:14:40 පැය
අක්කරෙයිපත්තු, ශ්‍රී විජයාරාම විහාරස්ථානය භූමිය වෙත ජනවාරි මස 10 දින කඩා වැටුණු ගසක් ඉවත් කිරීමට 11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ. අධික වර්ෂාව හා දැඩි සුළං තත්ත්වයත් සමඟ මෙම ගස කඩා වැටීම හේතුවෙන් දම්මරතන සිංහල විද්‍යාලය වෙත යන මාර්ගය අවහිර වී වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති අතර ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී ඇත.
16th January 2024 20:05:24 පැය
55 පාබල සේනාංකයේ භටපිරිස් 2024 ජනවාරි මස 12 දින පුනරින් නගරයේ දී දමිළ සිවිල් වැසියන් විශාල පිරිසක් සමඟ එක්ව ‘තෛපොංගල් දින’ සැමරුම් උත්සවයක් පැවැත්වීය.
16th January 2024 20:01:44 පැය
අනුරාධපුර ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාලයේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ ඉල්ලීමකට අනුව 212 පාබල බලසේනා බලප්‍රෙද්ශයේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භටපිරිස් විසින් පැවති අධික වර්ෂාපනය හේතුවෙන් වල් පැලෑටි මගින් අවහිර වී තිබූ ‘ඒරු’ වැවේ වාන් දොරටු පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලදී.
16th January 2024 19:58:53 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් ජනවාරි මස 13 දින මඩකලපුව, කොක්කඩිචෝලායි ප්‍රදේශයේ අවශ්‍යතා සහිත ගොවීන්ට උපකාර කිරීමේ අරමුණින් ජීවනෝපාය ඉහළ නැංවීමේ වැඩසටහනක් පැවැත්වීය. ගොවීන්ට ඇතිවන අභියෝගවලට මුහුණදීම සහ ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම සඳහා බහුවිධ ප්රවේශයන් හඳුනාගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. ශ්‍රද්ධා ටීවී නාලිකාවේ ‘සාමය සඳහා අන්තර් ආගමික එකමුතුව’ සහ ‘ශ්‍රද්ධා සමාජ සේවා ඒකකය’ සමඟ එක්ව තෝරාගත් ගොවීන් සඳහා ගොවිපළ සතුන්, ගොවි උපකරණ සහ මුල්‍ය ආධාර ද මෙහිදී බෙදාදෙනු ලැබීය.
16th January 2024 19:56:40 පැය
541 පාබල බලසේනාවේ භටපිරිස් විසින් A-32 මාර්ගයේ ඉලුප්පුකඩවායි සිට කල්ලියඩි දක්වා වූ ප්‍රදේශයේ පසුගිය බදාදා (ජනවාරි මස 10) දින ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන ලදී.
16th January 2024 19:53:18 පැය
521 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (ජනවාරි මස 14) දින පේදුරුතුඩුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
14th January 2024 18:14:01 පැය
පවතින අයහපත් කාලගුණයත් සමඟ සාගම වැව් බැම්මෙන් ජලය කාන්දුවීම හේතුවෙන් සාගම වැව භාර වාරි ඉංජිනේරුවරයා විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 8 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 09) දින එම වැව් බැම්ම කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලදී.
14th January 2024 18:06:25 පැය
ආනන්දපුරම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව 68 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (ජනවාරි මස 12) දින එම පාසල් පරිශ්‍රය වෙත ගුරුවරුන් සහ සිසු සිසුවියන් වෙනුවෙන් මේස සහ පුටු පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.
14th January 2024 18:03:38 පැය
නාවට්කුලි සමිද්ධි සුමන විහාරස්ථානයේ නව විහාර මන්දිරයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ ප්රණ්යෝත්සවය පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 13) දින පැවැත්වුණු අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.
14th January 2024 18:01:24 පැය
22 පාබල සේනාංකයේ භටපිරිස් ගම්වාසීන් සමඟ එක්ව ත්‍රිකුණාමලය හනුමාන් කෝවිලේ වාර්ෂික පූජාවට සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් කොත්තමල්ලි බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 11) දින ක්‍රියාත්මක කරනු ලැබීය.