16th January 2024 20:24:10 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ 22 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය සිංහ සමාජය සමඟින් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත සිවිල් වැසියන් සඳහා අක්‍ෂි වෛද්‍ය සායනයක් 22 පාබල සේනාංක මූලස්ථානයේදී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 13) දින සංවිධානය කරන ලදී. එහිදී, BMI හා රුධිරයේ ග්ලූකෝස් පරීක්‍ෂාව සිදුකිරීම සහ රුධිර පරිත්‍යාග වැඩසටහනක්ද පවත්වනු ලැබීය.
ප්‍රදේශයේ විවිධ ජන කොටස් වලට අයත් සිවිල් වැසියන් 341 දෙනෙකු මෙම සායනයට සහභාගී වූ අතර, එහිදී පුද්ගලයින් 291 දෙනෙකු අක්‍ෂි පරීක්‍ෂාවට ලක්කර පුද්ගලයින් 200 දෙනෙකු වෙත ඇස් කණ්නාඩි ලබා දී ඇත. එම වැඩසටහනට සමගාමීව, රුධිර පරිත්‍යාගශීලීන් 50 දෙනෙකු ද සිය රුධිරය පරිත්‍යාග කලහ. ත්‍රිකුණාමලය සිංහ සමාජයේ සභාපති රංජනජනරංජන මහතා හා සාමාජිකයින් සමඟින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය දිසානායක, වෛද්‍ය සින්තියා සහ වෛද්‍ය සෆානා යන වෛද්‍යවරුන් මෙම සමාජ සත්කාරක වැඩසටහන මෙහෙයවනු ලැබීය.
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යුඑස්පී පීඑස්සී ගේ උපදෙස්මත 221 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් ගේ අධික්ශණය යටතේ 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.