01st January 2024 18:30:06 පැය
අලවකුඹුර මහා විද්‍යාලයේ සහ දම්මින්න ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 127 දෙනෙකු වෙත පාසල් බෑග් සහ පොත් ප්රදානය කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එල්.ජී.ජේ.එන් ආරියතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත පුහුණු පාසලේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 26) දින පවත්වන ලදී. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ එම ළමුන්ගේ අධ්‍යාපනික කටයුතු දිරිගැන්වීමයි. උත්සව අවස්ථාවේදී එම පුහුණු පාසලේ සිවිල් සේවක මහතුන්ගේ ළමුන් දස දෙනෙකු වෙත ද පාසල් උපකරණ බෙදා දෙන ලදී.
01st January 2024 18:28:51 පැය
4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී සහ එම ඒකකයේ භටපිරිස් එක්ව විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 26) දින සතුරුකොන්දන්, ‘Ozanam’ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
01st January 2024 18:27:10 පැය
බදුල්ල මහියංගන මාර්ගයේ තල්දෙන ප්‍රදේශය ආසන්නයේ වැටී තිබූ විශාල ගසක් හේතුවෙන් මාර්ගයේ ඇතිව තිබූ ගමනාගමන අවහිරතාවය ඉවත් තිබූ කිරීමට ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින කටයුතු කලහ.
01st January 2024 18:06:06 පැය
56 පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද ‘වන්නි නත්තල් ගීතීකා උත්සවය - 2023’ පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින වවුනියාවේ සංස්කෘතික ශාලාවේදී පවත්වන ලද අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී වූයේය.
30th December 2023 20:16:25 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ භඨ පිරිස් විසින් කරදියනාරු මහා විද්‍යාලයේ නත්තල් කැරොල්ගී ප්‍රසංගය පැවැත්වීම සඳහා දායක වූ සියළු සිසුන් සහ ගුරුවරු වෙනුවෙන් කෙටි ආහාර පැකටි 400 ක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින බෙදාදෙන ලදී.
30th December 2023 20:04:33 පැය
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර ස්ථාපිත 22 පාබල සේනාංකය යටතේ 223 පාබල බළසේනාවේ භඨ පිරිස් විසින් නත්තල් දිනයට සමගාමීව කන්තලේ “95 Gantalawa Our Lady of Perpetual Help ” දෙව්මැදුරේ සහයෝගය ඇතිව නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පසුගිය බදාද (දෙසැම්බර් මස 27 ) දින මුතූර් නගරයේදී සංවිධානය කරන ලදී.
29th December 2023 20:57:17 පැය
තොණ්ඩමන්නාරු ප්‍රදේශයේ සිවිල් - හමුදා සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් 52 පාබල සේනාංකයේ 521 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 11 විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 24) දින සෙල්වසන්නදි කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වන ලදී.
29th December 2023 20:52:04 පැය
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි කරිපද්දමුරිප්පු සිට තම්පනේ දක්වා ඛාදනය වූ බොරළු මාර්ගය 64 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 642 පාබල බලසේනා බලප්‍රදේශයේ 23 විජයබාහු පාබල රෙජිමේන්තු භඨ පිරිස්වල ශ්‍රමදායකත්වයෙන් රථ වාහන ගමනා ගමනයට සරිලන පරිදි ප්‍රතිසංස්කරණය කරණ ලදී.
28th December 2023 21:19:45 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බළසේනා බළප්‍රදේශයේ 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කැනඩාවේ දානපතියන්ගේ අනුග්‍රහයෙන් පේදුරුතුඩුව තම්බියාපුලම් අල්වායි ප්‍රදේශයේ නව නිවසක් ඉදිකරන ලදී
28th December 2023 21:14:24 පැය