Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2024 19:33:42 Hours

22 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් නව නිවාස ඉදිකිරීමට මුල්ගල් තබයි

221, 222 සහ 223 පාබල බලසේනා බලප්‍රදේශයන්හි පදිංචි නිවාස අවශ්‍යතා සහිත පවුල් තුනක් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත නව නිවාස සඳහා මුල්ගල් තැබීමේ උත්සව 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ජනවාරි මස 11,12 සහ 15 යන දිනයන්හිදී පැවැත්විණි.

අනුරාධ කොතලාවල මහතාගේ මුල්‍ය අනුග්‍රාහකත්වය මත 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් තල්ගස්වැව, අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. රංජිත් වසන්ත බණ්ඩාර මහතා වෙනුවෙන් ඉදිකරනු ලබන නව නිවස සඳහා 2024 ජනවාරි මස 11 දින මුල්ගල් තැබීය.

යූ. අනුරාධ කොතලාවල මහතාගේ මුල්‍ය අනුග්‍රාහකත්වය මත 223 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් මොරවැව ප්‍රදේශයේ වෙසෙන ජී.ආර්. චමින්ද කුමාර මහතා වෙනුවෙන් ඉදිකරනු ලබන නව නිවස සඳහා මූල්ගල් තැබීමේ උත්සවය ජනවාරි මස 12 දින පැවැත්විණි.

ඉසුරු ප්‍රභාත් කුමාර මහතාගේ මුල්‍ය අනුග්‍රහය මත 20 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිව සිටින නිවාස අවශ්‍යතා සහිත පවුලක් වන කේ. උපුල් ප්‍රියන්ත මහතාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකරනු ලබන නව නිවස සඳහා මුල්ගල් තැබීම 2024 ජනවාරි මස 15 දින සිදුකෙරිණි.

නව නිවසක් ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 1.35 ක් වන අතර මාස 03 ක කාලසීමාවක් තුළ නව නිවාස තුනෙහි ඉදිකිරීම් කටයුතු නිම කිරීමට අපේක්‍ෂා කෙරේ.