13th February 2024 15:58:56 පැය
223 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම බලසේනාවේ භටපිරිස් විසින් පෙබරවාරි මස 02 දින සේරුවාවිල ‘සහන සෙවණ’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.
13th February 2024 13:48:07 පැය
6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් සිය බලප්‍රදේශයේ සිවිල් වැසියන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව ගෝමරන්කඩවල රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 03) දින ක්‍රියාත්මක කරන ලදී.
13th February 2024 13:46:33 පැය
20 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 06) දින ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත පුල්මුඩේ, පරණමැදවච්චිය විද්‍යාලයේ සිසු සිසුවියන් 99 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය පාසල් උපකරණ, ක්‍රීඩා උපකරණ, සංගීත භාණ්ඩ සහ ප්‍රථමාධාර කට්ටල පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
12th February 2024 12:05:16 පැය
භාෂාමය සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතික අවබෝධය වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 75 දෙනෙකු වෙනුවෙන් මාස හයක දමිළ භාෂා පාඨමාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය 2024 පෙබරවාරි මස 10 දින පැවැත්විණි.
12th February 2024 11:34:17 පැය
4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 08 දින මඩකලපුව, උන්නච්චිය ධීවර සමිති ශාලාවේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
11th February 2024 20:53:59 පැය
232 පාබල බලසේනාවේ යටතේ ස්ථාපිත 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් චෙන්කලඩි, එරාවුර්පත්තුව, පෙරියපිලුමලේ ප්‍රදේශයේ පදිංචි නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබීම පසුගිය සඳදා (පෙබරවාරි මස 05) දින සිදුකෙරිණි.
11th February 2024 20:50:11 පැය
241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් අක්කරෙයිපත්තුව වෙළඳ සංගමයේ සභාපතිවරයාගේ අනුග්රාහකත්වක මත පසුගිය ඉරිදා (පෙබරවාරි මස 4) දින අක්කරෙයිපත්තුව අම්මාන් මහලිරිල්ල කාන්තා ළමා නිවාසයේ ළමුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
11th February 2024 20:47:44 පැය
4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ‘නැගෙන හිරු’ පෙරපාසල් ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා සනීපාරක්ෂක පහසුකම් සහිත සංකීර්ණයක් ඉදිකිරීම පසුගිය සඳුදා (පෙබරවාරි මස 5) දින ආරම්භ කරන ලදී.
09th February 2024 12:42:49 පැය
සිවිල් වැසියන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 2023 නොවැම්බර් මස 19 සිට 25 දින දක්වා පා පන්දු තරඟාවලියක් සංවිධානය කරනු ලැබූ අතර එම තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය ඉරිදා (පෙබරවාරි මස 04) දින යාපනය, නෙල්ලිඅඩි කොලින්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
09th February 2024 11:42:49 පැය
76 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව 211 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 04 දින පදවිය, වෙහෙරතැන්න ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන ළමුන් 50 දෙනෙකු වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.