16th January 2024 20:32:35 Hours
දිවයින පුරා රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත අද (ජනවාරි මස 16) දින යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදෙනු ලබයි.
ඒ අනුව, කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, කළුබෝවිල ශික්‍ෂණ රෝහල, පේරාදෙණිය ශික්‍ෂණ රෝහල, මාතලේ දිස්ත්‍රික් රෝහල, කුරුණෑගල ශික්‍ෂණ රෝහල, මොණරාගල, නුවරඑළිය, බදුල්ල, හම්බන්තොට, බලංගොඩ, තිස්සමහාරාම, දෙබරවැව, බලංගොඩ, ඇහැළියගොඩ, දියතලාව, මාතර, අවිස්සාවේල්ල, අනුරාධපුර, මැදවච්චිය සහ කහටගස්දිගිලිය යන රජයේ රෝහල්වල දෛනික කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා යුද්ධ හමුදා භටපිරිස් යොදවා ඇත.
ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය මත මේවන විට එම රෝහල්වල අවශ්‍යතාවයන් අනුව යුද්ධ හමුදාවේ භටපිරිස් යොදවා ඇති අතර හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීම සඳහා අවශ්‍යය භට පිරිස් සූදානම් කර ඇත.