Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2024 19:42:39 Hours

1 බලකාය වෙත සාම්ප්‍රදායික ‘අංගම්පොර’ සටන් කලා පුහුණු පාඨමාලාවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අංගම්පොර කමිටුව මඟින් 1 බලකාය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් සඳහා මසක කාලසීමාවක ‘අංගම්පොර’ සටන් කලා පුහුණු පාඨමාලාවක් ආරම්භ කරනු ලැබීය. මෙම සටන් කලා පුහුණු පාඨමාලාව එම ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්වේ.

1 බලකා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය ඉරිදා (ජනවාරි මස 14 ) දින මෙම පාඨමාලාවේ ආරම්භක උත්සව අවස්ථාව පැවති අතර, ඒ සඳහා 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා අංගම්පොර කමිටුවේ සභාපති, යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.