Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2024 20:20:30 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, භටපිරිස් හි මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර භටපිරිස් විසින් අරලගංවිල, මැදගම විද්‍යාලය හා කන්දේගම විද්‍යාලයේ ඉගෙනුම ලබන සහ අලවකුඹුර ධීවර ගම්මානයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 ජනවාරි මස 20 දින එම පාසල් පරිශ්‍රයන්හිදී පැවැත්වීය. මෙම අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.එන්. විජේකෝන් එන්ඩීසී ඒඒටීඕ සහභාගී විය.

මෙම අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ එම විද්‍යාලයන්හි ගුරු භවතුන් ද සහභාගී වූහ.