17th January 2024 19:46:43 Hours
අධික වර්ෂාපතනය හේතුවෙන් නයිනකාඩු වාරි ඇළ පිටාර ගැලීම නවතාලමින් එම අමුණෙහි සිර වූ දැව කොටස් ඉවත් කිරීම පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 11) දින 241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් සිදුකරන ලදී.
241 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහය ඇතිව භටපිරිස් විසින් අමුණ පිරිසිදු කර යථා තත්ත්වයට පත් කරන ලදී.