31st January 2024 19:43:11 පැය
කොළඹ 03, බිෂොප් විද්‍යාලයේ විදුහල්පතිතුමියගේ ඉල්ලීමකට අනුව මත්තේගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකය විසින් එම විද්‍යාලයේ සිසුවියන් 19 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය සිකුරාදා (ජනවාරි මස 26) දින පවත්වන ලදී.
30th January 2024 18:55:52 පැය
222 පාබල බලසේනාවේ භටපිරිස් විසින් කන්තලේ අග්බෝපුර පිහිටි මෙතෝදිස්ත දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින පවත්වන ලදී.
29th January 2024 15:19:32 පැය
10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් අ.පො.ස (සා.පෙළ) සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ සිසු සිසුවියන් 36 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මන්නාරම, සිරිනාතකුලම් 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින සංවිධානය කරන ලදී. උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
29th January 2024 15:12:35 පැය
හින්දු ආගමික සම්ප්රදායේ පූජනීය අංගයක් වන මාවිද්දපුරම් කෝවිල් පූජාව පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 25) දින තෙලිප්පලෙයි, මාවිද්දපුරම් ශ්‍රී කාන්තස්වාමි කෝවිලේදී පැවැත්වූ අතර, අභිනවයෙන් රාජකාරි ආරම්භ කල ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත එහි දී අශිර්වාද එක්කරන ලදී.
29th January 2024 15:05:06 පැය
4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පේදුරුතුඩුව මෙතෝදිස්ත බාලිකා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින සංවිධානය කරන ලදී.
29th January 2024 14:45:35 පැය
10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ සහ 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබූහ.
29th January 2024 14:40:58 පැය
541 පාබල බලසේනාවේ භටපිරිස් විසින් මන්නාරම, කල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචි දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුලක් සඳහා වියළි ආහාර සලාක පාර්සලයක් පසුගිය සඳුදා (ජනවාරි මස 15) දින පරිත්‍යාග කරන ලදී.
26th January 2024 13:37:14 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් 2024 ජනවාරි මස 25 දිනට යෙදී තිබූ ‘දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය’ නිමිත්තෙන් කන්කසන්තුරේ, තිස්ස විහාරස්ථානය වෙත සපැමිණි බැතිමතුන් වෙනුවෙන් කිරිබත් දන්සැලක් පැවැත්වීය.
25th January 2024 18:30:28 පැය
ජල සම්පාදන මණ්ඩලය වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 112 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ. හේමචන්ද්‍ර ආර්එස්පී පීඑස්සී විසින් පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින පස්සර ඌව කළමනාකරණ සංවර්ධන ආයතනයේදී ‘නායකත්ව ගුණාංග’ පිළිබඳ දේශනයක් පවත්වන ලදී.
23rd January 2024 16:24:19 පැය
68 පාබල සේනාංකයේ භටපිරිස් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙනුවෙන් සුනාමි පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් ජනවාරි මස 18 දින වලෙයිමඩම් පාසල් පරිශ්‍රයේදී පැවැත්වීය.