Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2024 19:56:57 Hours

12 පාබල සේනාංකයේ භටපිරිස් ශාසනාලෝක රජමහා විහාරස්ථානය පිරිසිදු කරයි

12 පාබල සේනාංකයේ භටපිරිස් ජනවාරි මස 20 සහ 21 දෙදින තුළ ‘ශාසනාලෝක රජමහා විහාරස්ථාන’ පරිශ්‍රයේ පැවැත්විමට නියමිත ආගමික උත්සවයන් පැවැත්වීමට ප්‍රථම එම විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.

විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත භටපිරිස් මෙම කටයුතුවල නිරත වූහ.