Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2024 15:24:21 Hours

112 පාබල බලසේනාවේ භටපිරිස් හි මූලිකත්වයෙන් බදුල්ල ‘උදය ළමා නිවාසය’ වෙත දිවා භෝජන සංග්‍රහයක්

112 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් විසින් බදුල්ල ‘උදය ළමා නිවාසයේ’ නේවාසික ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් පසුගිය බදාදා (ජනවාරි 17) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූහ.