05th January 2024 16:15:41 පැය
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දඹුලු හල්මිල්ලවැව ආදර්ශ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 100 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ සහ පාවහන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 02) දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.
04th January 2024 19:23:35 පැය
කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ඉදිකිරීමට යෝජිත ‘ළමා පියස’ දෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් ජනවාරි මස 04 (බ්‍රහස්පතින්දා) දින මුල්ගල් තැබීය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.
03rd January 2024 16:46:01 පැය
52 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29) දින කඩ්ඩෙයිකාඩු ක්‍රිස්තියානි දේවස්ථානයේදී නත්තල් කැරොල් ගීතිකා වැඩසටහනක් පැවැත්වීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගි වූ අතර, ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස යාපනය අගරදගුරු අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥාණප්‍රකාශම් පියතුමන් සහභාගී විය. කඩ්ඩෙයිකාඩු ප්‍රදේශයේ සිවිල් වැසියන් 2000 කට අධික පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
02nd January 2024 18:39:53 පැය
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් බම්බලපිටිය, රාජා ජුවලර්ස් සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ අතුල එළියපුර මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 31) දින සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ අධ්‍යාපනය ලබන දහම් පාසලේ සිසුන් 250 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
02nd January 2024 18:33:39 පැය
232 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 26) දින මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් විපතට පත් ප්‍රදේශවලට කඩිනම් ආධාර ලබාදෙමින් හානියට පත් කිරාන් -කුඩුඹිමලේ සහ තොප්පිගල-පෙරියවඩ්වන් යන මාර්ගයන් ප්‍රතිසංස්කරණය කර ප්‍රවාහන කටයුතු යථා තත්ත්වයට පත් කරන ලදී.
02nd January 2024 18:24:08 පැය
මුලතිව් දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මැඩපැවැත්වීම සඳහා 10 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් පසුගිය බදාදා (දෙසැම්බර් මස 29) දින මල්ලාවි මූලික රෝහල් පරිශ්‍රයේදී ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
02nd January 2024 18:20:36 පැය
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ගේ උපදෙස් මත ‘උතුරේ දෙවන පොල් ත්‍රිකෝණය’ සංකල්පය යටතේ පොල් පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින ක්‍රියාත්මක කරන ලදී.
01st January 2024 19:07:15 පැය
17 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් කොලොඹුතුරේ ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන කුඩා දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් වෙනුවෙන් ඉදිකර දෙනු ලැබූ නව නිවස පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 23) දින ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී.
01st January 2024 18:49:05 පැය
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් ඇද වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතු සඳහා අවහිර වී තිබූ එම දුම්රිය මාර්ගය ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස්වල ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම මත පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින නැවත යථා තත්ත්වයට පත්කරන ලදී.
01st January 2024 18:41:13 පැය
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත නැගෙනහිර ප්‍රදේශයේ සිංහල සහ දමිළ භාෂාවන් කතා කරන ළමුන් අතර භාෂා දැනුම ලබාදීමේ අරමුණින් මීට මසකට පෙර වැලිකන්ද නෙළුම්වැව මහා විද්‍යාලයේ සිංහල සිසුන් සඳහා දමිළ භාෂා පාඨමාලාවක් ආරම්භ කරන ලදී. එහි දෙවන අදියර පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 30) දින කොක්අඩිචෝලේ R.K.M විද්‍යාලයේ දී ආරම්භ කල අතර, ඒ සඳහා සිංහල සිසුන් 103 දෙනෙකු සහභාගී වූහ.