04th February 2024 11:22:10 පැය
23 පාබල සේනාංකයේ භටපිරිස්, ඔට්ටමාවඩි ප්‍රදේශවාසීන් සමඟ එක්ව 76 වන ජාතික නිදහස් දිනය එම නගර පරිශ්‍රයේදී ඉරිදා (පෙබරවාරි මස 04) දින සමරනු ලැබීය.
02nd February 2024 16:04:39 පැය
8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් රත්නපුර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 127 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බටතොට, ආනන්ද චේතිය විහාර පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 30) දින පවත්වනු ලැබීය.
02nd February 2024 16:00:50 පැය
552 පාබල බලසේනාවේ භටපිරිස් විසින් කොළඹ, ‘Standard Chartered’ බැංකුවේ සහාය ඇතිව, පුනරීන් හි නල්ලූර් මිශ්‍ර පාසලේ සහ සෙල්ලියතිව් මිශ්‍ර පාසලේ අඩු ආදායම් ලාභී පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 200 දෙනෙකු සඳහා පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 20) දින පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.
02nd February 2024 15:49:01 පැය
9 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (ජනවාරි මස 29) දින පුදුකුඩිඉරිප්පු, සුගන්තිපුරම් හි ‘අන්නී පුරානි’ පෙර පාසලේ නවතමයෙන් ඉදිකරන ලද මුළුතැන්ගෙය සහ භෝජන ශාලාව විවෘත කිරීම සිදුකරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගි විය.
01st February 2024 10:17:15 පැය
දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යංශය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මජනතාවට අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අද (පෙබරවාරි මස 1) දින යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදෙනු ලබයි.
31st January 2024 20:05:41 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් සඳහා ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (ජනවාරි මස 28) දින සංවිධානය කරන ලදී.
31st January 2024 20:04:16 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්. කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආර්ය පදනමේ අනුග්‍රාහකත්වයෙන් එම බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අධ්‍යාත්මික, මානසික සහ ධනාත්මක ආකල්ප ගොඩ නැගීමේ අරමුණින් යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා ‘රෙන්ඩෝවසර් ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය’ හිදී ‘උදාරයි ඔබ’ වැඩසටහන පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින පවත්වන ලදී.
31st January 2024 19:59:40 පැය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 221, 222 සහ 223 පාබල බලසේනා බල ප්‍රදේශයන්හි දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ ජීවත් වන නිවාස අවශ්‍යතා සහිත පවුල් සඳහා නව නිවාස තුනක් ඉදිකිරීමට මුල්ගල් තැබීම ආගමික චාරිත්‍රානුකූලව ජනවාරි මස 28 සහ 29 යන දිනයන්හි දී පැවැත්වූහ.
31st January 2024 19:53:44 පැය
11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් 125 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (ජනවාරි මස 28) දින කරෙයිනගර් සංස්කෘතික ශාලා පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.
31st January 2024 19:48:46 පැය
තොප්පිගල, ඉරලක්කුලම් හි දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සවයක් 12 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් බී.එම්.සී වන්නිනායක ගේ උපදෙස් මත පසුගිය සිකුරාදා (ජනවාරි මස 26) දින සංවිධානය කරන ලදී.