2023-05-31 20:04:51
ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ ජනරාල්/සභාපති පසිඳු ගුණරත්න මහතාගේ ඉල්ලීම පරිදි යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩලිව්පී ආර්එස්පී එන්ඩීයූ උපදෙස් මත ‘හැකියාවන් සහ නායකත්ව සංවර්ධනය’ පිළිබද වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් සඳහා අප්‍රේල් මස 29 දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
2023-05-31 20:02:54
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ විශේෂඥ දැනුම ලබාගැනීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ අභ්‍යන්තර විගණන අධ්යක්ෂ මණ්ඩලය විසින් ගිණුම්කරණ නිලධාරීන් සහ විගණන ලිපිකරුවන් සඳහා පුහුණු වැඩමුළුවක් අඟහරුවාදා සහ බදාදා යන දිනයන්හි (මැයි 23 සහ 24) සංවිධානය කරන ලදී.
2023-05-30 21:50:22
1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් වයඹ අභ්‍යාස ආයතනය සමඟ එක්ව කෝන්වැව මහා විද්‍යාලයේ සහ කුරුණෑගල සේනානායක මහා විද්‍යාලයේ සිසුන් 70ක් සඳහා “හරිත නියමුවෝ” වැඩමුළුවක් මැයි මස 27 දින වයඹ පුහුණු ආයතනයේදී පවත්වන ලදී. හරිත කෘෂිකාර්මික ක්ෂේත්රයේ සාර්ථක නායකයින් බවට පත්වීමට අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් සිසුන් සන්නද්ධ කිරීම සඳහා මෙම වැඩමුළුව තුළින් සැලසුම් කර ඇති අතර, වැඩමුළුවේදී 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් ශාරීරික පුහුණු උපදේශකයින් ගේ දැනුම සහ න්‍යායාත්මක සහ ප්‍රායෝගික කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතුළත් නායකත්ව සැසි පවත්වන ලදී. සිසුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමටත් හරිත කෘෂිකර්මය පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීමටත් මෙම ක්‍රියාකාරකම් අවශ්‍ය වේ. වැඩමුළුවේදී, ආහාර සුරක්ෂිතතාව, කාලගුණික විපර්යාස, පොහොර යෙදීම, ජලය දැමීම, හිරු එළිය සාධක, ගෝලීය ආහාර සුරක්ෂිතතා වැඩසටහන් සහ තවත් බොහෝ දේ ඇතුළුව හරිත කෘෂිකර්මයේ විවිධ අංශ පිළිබඳව දැනුම සහභාගිවන්නන් සඳහා ලබාදුන් අතර, මෙම වැඩමුළුවල අරමුණ වූයේ තරුණ තරුණියන්ට ඔවුන්ගේ අනාගතය භාර ගැනීමට සහ ඔවුන්ගේ ප්‍රජාවන්හි නායකත්වය ගැනීමට අවශ්‍ය බලගැන්වීම් ලබාදීමය.
2023-05-29 09:28:20
රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණ පාඨමාලාවේ (CBRNe Course) පස්වන අධියර සාර්ථකව හදාරනු ලැබූ නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා සහතිකපත්‍ර ප්රදානෝත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් එම සේනාංක මූලස්ථානයේදී පසුගිය 25 (බ්‍රහස්පතින්දා) දින පැවැත්විණි.
2023-05-26 11:06:13
ගජබා රෙජිමේන්තුවේ නිලධාරී පුහුණු දිනය වෙනුවෙන් යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ කර්නල් ජනමාධ්‍ය කර්නල් ඒ.එම්.ඩී.බී අධිකාරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘උපායශීලීව මාධ්‍ය භාවිතය’ යන මැයෙන් හරවත් දේශනයක් ඉකුත් මාර්තු මස 26 වන දින පවත්වන ලදී.
2023-05-26 11:06:11
ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ පුහුණු දිනය එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිලධාරීන් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් මැයි මස 26 දින පවත්වන ලදී.
2023-05-26 11:05:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියාවන් ඉහල නැංවීමේ අරමුණින් ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ආරම්භ කරන ලද ‘ක්‍රීඩා මනෝවිද්‍යාව’ පිළිබඳ දේශන මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගිය සිකුරාදා (19) දින යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වූහ.
2023-05-24 23:22:59
3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මාසික පුහුණු දිනයට සමගාමීව පසුගිය බදාදා (මැයි මස 17) දින ‘ධනාත්මක චින්තනය සහ අභිප්‍රේරණය’ මැයෙන් හරවත් පුහුණු සැසියක් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත එම ඒකක මූලස්ථානයේදී පැවැත්විණි.
2023-05-24 23:21:59
විජයග්‍රහණයේ දින සැමරුම සනිටුහන් කරමින් ත්‍රිකුණාමලය, ක්ලැපන්බර්ග් පිහිටි 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කඳවුරු පරිශ්‍රයේදී ‘4 සන්නද්ධ රෙජිමේන්තු මානුෂීය මෙහෙයුම’ මැයෙන් වැඩමුළුවක් (මැයි මස 19) දින පැවැත්විණි.
2023-05-22 16:30:03
ගිරිතලේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේදී පැවති මූලික විනයාරක්ෂක පාඨමාලා අංක - 82 සාර්ථකව අවසන් කළ විනයාරක්ෂක සෙබලුන් 93 දෙනෙකු පසුගිය සෙනසුරාදා (මැයි මස 13) දින විසිර ගියහ. මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා නිලධාරීන්, සෙසුනිලයන් සහ ආධුනික සෙබලුන්ගේ ඥාතීන් ද සහභාගී වූහ.