31st May 2023 20:04:51 Hours
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල්/සභාපති පසිඳු ගුණරත්න මහතාගේ ඉල්ලීම පරිදි යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩලිව්පී ආර්එස්පී එන්ඩීයූ උපදෙස් මත ‘හැකියාවන් සහ නායකත්ව සංවර්ධනය’ පිළිබද වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් සඳහා අප්‍රේල් මස 29 දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මාර්ගෝපදේශ අනුව නිර්මාණය කරන ලද පුහුණු වැඩසටහන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර යූඑස්පී පීඑස්සී විසින් මෙහෙයවන ලදී.
මෙම පුහුණු වැඩසටහන තුළින් ‘හැකියාවන් සහ නායකත්ව සංවර්ධනය’, ‘බලය පැවරීම සහ බලගැන්වීම, කාර්යාලය තුළ සහ ඉන් පිටත සභා ආචාර ධර්ම සංග්‍රහය පිළිපැදීම’, ‘ආචාර ධර්ම කළමනාකරණය සහ භාවිතයන්’, යෞවනයන්ගේ චින්තනයේ බලපෑම් හඳුනාගැනීම සහ රැකියාව තුළ අභිප්‍රේරණයේ භූමිකාව’ පිළිබද ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් දැනුවත් කරන ලදී.
ජාතික තරුණ සේවා සභාව මහනුවර සහකාර අධ්‍යක්ෂ සුචින්තන දිසානායක මහතා මෙම වැඩසටහන සංවිධානය කළ අතර, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පලා අයරත්න මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් සඳමාලි මහත්මිය, ගල්ෆ් ලංකා නියෝජිත ආයතනයේ සභාපති ඒ.එම්. රෆීක් සහ ගල්ෆ් ලංකා නියෝජිත ආයතනයේ දිස්ත්‍රික් කළමනාකාර නෂාන් යන මහත්වරුද මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති එක්දින පුහුණු වැඩසටහනට සහභාගි වූහ.